over 6 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය සහිත ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට අයෝග්‍ය බවට අභියාචනාධිකරණය විසින් දී තිබුණු තීන්දුව, නැවත සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ද අභියාචනාධිකරණය විසින් ලබා දී තිබුණු තීන්දුව අනුමත කරනු ලැබීමෙන් පසුව, ඇගේ පාර්ලිමේන්තු අසුන අහිමි වීම ස්ථිර විය. ඒ අනුව නොවැම්බර් 9 වැනිදා කතානායක කරු ජයසූරිය විසින් ඇගේ මන්ත්‍රී ධුරය අවලංගු කළ බවට නිවේදනය ද නිකුත් කරනු ලැබීය.

 

‘අයෝග්‍ය අපේක්ෂකයෙකු‘ ඇතුලත් වූ හෙයින්එ.ජ.නි.ස. ගාල්ල දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුවම අවලංගු විය හැකි දයන්න සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹෙන්නේ ඉන් පසුව ය.

 

අමාත්‍ය, අජිත් පී. පෙරේරා මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්, උක්ත තීන්දුව ප්‍ර‍කාරව ගාල්ල එ.ජ.නි.ස. නාමයෝජනා ලැයිස්තුව ම අහෝසි විය යුතු බව පැවසීමත් සමඟ ම, එම අදහස විවිධ වෙබ් අඩවි මඟින් නැවත නැවත ත් ප්‍ර‍චාරණයට බඳුන් වෙමින් තිබේ.

 

මේ අදහස පිළිබඳව, නෛතික විමසුමක් ලෙස, Verite Research හි පර්යේෂණ අධ්‍යක්ෂ, නීතීඥ, ගෙහාන් ගුණතිලක ප්‍ර‍මුඛ කණ්ඩායම විසින්, ප්‍ර‍කාශයට පත් කරන ලද පත්‍රිකාව Manthri.lk ඇසුරු කරනන්නන් සමඟ ද බෙදා ගැනීම වැදගත් වන අතර, එහි මූලික තර්කය මෙසේ සම්පිණ්ඩනය කරමු.

 

 

§  ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍ර‍ම ව්‍යවස්ථාවේ 91(1) වගන්තිය අනුව‘ද්විත්ව පුරවැසිබව‘ හේතුකොටගෙන යම් මන්ත්‍රීවරයෙකුගේ/වරියකගේ අයෝග්‍යතාව තහවුරු විය හැකි වුවත්, එය හේතුකොටගෙන ‘දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවම‘ප්‍ර‍තික්ෂේප විය හැකි ද...?‘ යන්න විසඳාගැනීමට සිදුවන්නේ,  නාමයෝජනා පත්‍ර‍යක් ප්‍ර‍තික්ෂේප වීමට‘ බලපාන කරුණු කාරණා මත පදනම්ව ය.

 

§  ‘පාර්ලිමේන්තු මැතිවරණ පනත‘ ප්‍ර‍කාරව  අදාල තේරීම්භාර නිලධාරියා විසින් ‘නාමයෝජනා ලැයිස්තු ප්‍ර‍තික්ෂේප වීම‘ට හේතු කාරණා 5 ක් දක්වා ඇති අතරඒ අනුව ‘අපේක්ෂකයෙකුගේ අයෝග්‍යතාව‘ නාමයෝජනා ලැයිස්තුවක් ප්‍ර‍තික්ෂේප වීමට හේතුවක් වන්නේ නැත. පනතේ 115 වැනි වගන්තිය මඟින්, එක් නියෝජිතයෙකුගේ අයෝග්‍යතාවය මත ලැයිස්තුව ප්‍ර‍තික්ෂේප නොවන බව ‘ස්ථිරව ම‘ ප්‍ර‍කාශ කර ඇත.

 

§  මේ අතර පාර්ලිමේන්තු මැතිවරණ පනත 19(අ) වගන්තිය ප්‍ර‍කාරව යම් නාමයෝජනා ලැයිස්තුවකට අදාල විරෝධතා ඇත්නම්නාමයෝජනා විමසීමේ අවසන් දිනයේ ප.ව.12.00 - ප.ව. 1.30 අතර අදාළ තේරීම් භාර නිලධාරියා වෙත යොමු කළ යුතු ය. පනත අනුව නාමයෝජනා ලැයිස්තු ප්‍ර‍තික්ෂේප වීමට අදාළ කරුණු 5 යටතේඅදාළ කාලසීමාව තුළ විරෝධතාවක් ගොනු නොකෙරෙන ඕනෑම නාමයෝජනා ලැයිස්තුවක් ‘වලංගු ලැයිස්තුවක්‘ වනු ඇත.

 

§  අපේක්ෂකයෙකුගේ අයෝග්‍යතාවක් වැනි කාරණයක් වෙනුවෙන් මැතිවරණ නාමයෝජනා කාලයේදී ‘රිට් පෙත්සමක්‘ යොමු කිරීමෙන්අභියාචනාධිකරණයෙන් තීන්දුවක් ලබාගත හැකි වන අතරඑහි දී ද අවලංගු කරනු හැකි වන්නේ ‘අදාළ අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය‘ මිස, ‘සමස්ත ලැයිස්තුව‘ ම නොවේ.

 

සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකාව මෙතැනින්