සිංහල தமிழ் English

පාර්ලිමේන්තු මැතිවරණ පොරොන්දු

Person-left

යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ
(UNFGG) Click Here

Person-right

එක්සත් ජනතා නිදහස් සන්ධානය
(UPFA)Click Here

Status-legend.si

2015 අගෝස්තු මස පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ විශාලතම දේශපාලන සංධානයන් වන යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එ්කාබද්ධව සභාග ආණ්ඩුවක් පිහිටුවන ලදී. යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණහි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නායකත්වය හොබවන එක්සත් ජාතික පක්ෂය ප්‍රධානත්වය දරණ අතර ඔවුන්ට ආසනවල බහුවිධතාවය සුරැකීමට හැකි වී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පක්ෂය යි.

Manthri.lk මැතිවරණ පොරොන්දු නිරීක්ෂකය විසින් බලයට පත් සන්ධානයන් දෙකෙන් ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශයන් හි සඳහන් ක්‍රියාත්මක කළ හැකි මැතිවරණ පොරොන්දු සහ ප්‍රතිපත්ති ලබා ඇති ප්‍රගතිය අධීක්ෂණය කරයි. සෑම පොරොන්දුවක්ම නිශ්චිත තේමාවක් යටතේ වර්ග කළ ඇති අතර මේ වන විට අත්කර ඇති ප්‍රගතිය අනුව ලකුණු ලබා දී ඇත.

  • ධීවර පාලන ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කර ධීවර නිශ්පාදනයන්ට එරෙහි යුරෝපා තහනම ඉවත් කිරීම සහ GSP+ තීරුබදු සහනය යලි ලබා ගැනීම.

    නීතිවිරෝධී මසුන් ඇල්ලීම සඳහා නිසි නීති සම්පාදනය නොකිරීම හේතුවෙන් යුරෝපා සංගමය යුරෝපා සංගමය විසින් මසුන් ඇල්ලීම තහනම් කරන ලදී.

    ධීවර පාලන ක්රමය ප්රතිසංස්කරණය කිරීම සඳහා අවශ්ය පියවර 2016 ජූනි මස තහනම ඉවත් කරන ලදී. නීති විරෝධී වාර්තා නොකළ සහ නොතිබූ මසුන් ඇල්ලීම සඳහා නව රෙගුලාසි සහ ජාතික සැලැස්මක් හඳුන්වා දී ඇත. මැතිවරණ පොරොන්දු වල GSP+ බදු සහන (අදාල නොවුනද) ඇතුළත් කර ඇත. මෙම කොන්දේසි සපුරා ගැනීම සඳහා කළ සාකච්ඡා සහ සංවාදවල ප්‍රතිපලයක් වශයෙන් යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට බදු සහන නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමට ඡන්දය ලබා දෙන ලදී.

    more
    Complete.si
  • සංවර්ධන (විශේෂ විධි විධාන) පනත සම්මත කරගැනීම සහ විශේෂ සංවර්ධන එ්ජන්සියක් පිහිටුවීම.

    කඩිනම් ප‍්‍රතිපත්ති සංවර්ධනය කිරීම ඇතුළුව සියලුම විෂයයන් සඳහා ජාතික ප‍්‍රතිපත්තයක් සකස් කිරීම සඳහා වූ සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත යෝජනා කරන ලදී. ආර්ථික ප‍්‍රතිපත්ති මෙහෙයවීම සහ කි‍්‍රයාත්මක කිරීම මෙන්ම අයෝජන අනුමැතියන්ට මග පෙන්වීම ස`දහා විශේෂ සංවර්ධන එ්ජන්සියක් පිහිටුවීම.

    මෙම කෙටුම්පත පිළිබද ගැසට් නිවේදනයක් 2016 නොවැම්බර් මස පළ වූ අතර පළාත් සභා අදහස් ලබා ගැනීමට අදාල ආයතනයන් වෙත යවා ඇත. එතැන් සිට කිසිදු පසුවිපරමක් සිදුවී නොමැත

    more
    Poor-progress-slow.si
  • කර්මාන්ත හා තාක්ෂණ අධිකලාප 11ක්

    ප්‍රගතියක් වාර්තා නොවේ

    more
    No-action.si
  • සංචාරක සංවර්ධන අධි කලාප

    ප්‍රගතියක් වාර්තා නොවේ

    more
    No-action.si
  • කෘෂිකාර්මික අධි සංවර්ධන කලාප 23ක් ස්ථාපිත කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ

    more
    No-action.si
  • ධීවර ආර්ථික සංවර්ධන අධි කලාප 10

    හම්බන්තොට ධීවර සංවර්ධන අධි කලාපය ඉදිකෙරෙමින් පවතින අතර මන්නාරමේ භූමිය හඳුනාගැනීමේ ක්‍රියාවලිය අවසන් කර ඇත.

    more
    Poor-progress-slow.si
  • ජාතික කෘෂිකාර්මික අලෙවිකරණ අධිකාරිය

    මෙම අධිකාරිය විසින් ගොවියන්ගේ අස්වැන්න මිලදී ගැනීම, කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවිකරණය සම්බන්ධීකරණය කිරීම සහ වෙළඳ පොළ, ප‍්‍රවාහනය සහ ගබඩාකරණ පහසුකම් වැඩි දියුණු කිරීම.

    පශ්චාත් අස්වනු හානි අවම කිරීමට නවීන තාක්ෂණයෙක් සැදි ගබඩා 3ක් ඉදිකිරීමට 2016 අයවැය යෝජනාවෙන් රු. මිලියන 1000ක් වෙන් කර තිබුනි (අයවැය 2016: 132). මෙය අයවැය ඇස්තමේන්තුවේද සඳහන් කර තිබුනි. 2017 පෙබරවාරි මස අග‍්‍රාමාත්‍යවරයා විසින් මෙම අධිකාරිය පිහිටුවීමේ රජයේ අභිලාශය සඳහන් කළේ ය.

    more
    Poor-progress-slow.si
  • කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් අගය එකතුකළ තේ නිෂ්පාදන සමාගමක් පිහිටුවීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • තේ නැවත වගා කිරීමේ සහනාධාරය වැඩිකිරීම සහ කෘෂි ව්‍යාප්ති සේවාවක් ඇතුළත් කිරීම

    මුදල් අමාත්‍යාංශයේ 2016 වාර්ශික වාර්තාව අනුව තේ නැවත වගාව කිරීමට සහනාධාරයක් වශයෙන් රු. මිලියන 484.03ක් ලබා දී ඇත.

    more
    On-track.si
  • කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප‍්‍රවර්ධන මණ්ඩලයක් පිහිටුවීම

    විශේෂිත මණ්ඩලය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම් කොටස් ලැයිස්තුගත කිරීම සඳහා ඇතුළත් කිරීම.

    මෙම මණ්ඩලය පිහිටුවීමේ අභිප‍්‍රාය කොළඹ කොටස් වෙළඳපළ විසින් අවස්ථා කිහිපයක සඳහන් කර තිබුනද, 2016 අයවැයෙන් ප‍්‍රසිද්ධ ලැයිස්තුගත සමාගම්වල වාර්ශික ලියාපදිංචි ගාස්තුව ඉහළ දැමීමෙන් පසුවද කිසිඳු ප‍්‍රගතියක් අත් කරගෙන නොමැත.

    more
    No-action.si
  • මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ අකෘතියට අනුව සෑම දිස්ති‍්‍රක්කයකම තරුණ මධ්‍යස්ථාන පිහිටුවීම

    ප්‍රගතියක් වාර්තා නොවේ

    more
    No-action.si
  • යොවුන් සේනාංකය නැවත සක්‍රීය කිරීම

    යොවුන් සේනාංකය වයස අවුරුදු 18-29 අතර තරුණයන්ට වෘත්තිමය, පෞරුශ වර්ධනය සහ නායකත්ව පුහුණු ලබා දේ. මුදල් අමාත්‍යාංශයේ 2016 වාර්ශික වාර්තාව අනුව, ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයට රු. මිලියන 840ක ප‍්‍රතිපාදන වෙන් කර ඇත. මෙම ප‍්‍රතිපාදන වලින් 65%ක් මේ වන විට වැය කර ඇත.

    more
    On-track.si
  • හමුදාවෙන් ඉවත්ව යෑමට අපේක්ෂා කරනවුන්ට පහසුකම් සැළැස්වීම උදෙසා නව නීති ගෙන එ්ම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • විශ‍්‍රාමික රාජ්‍ය සේවකයන්ට අග‍්‍රහාර රක්ෂණ ක‍්‍රමයේ ප‍්‍රතිලාභ ලබා දෙන්නෙමු

    2016 මාර්තු 30 දින මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුනි. එතැන් සිට විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනයන්ට චක‍්‍රලේඛනයක් නිකුත් කර ඇත. ජීවිත කාලය පුරා අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ විශ‍්‍රාමික රාජ්‍ය සේවකයන්ට ලබා දීමේ යෝජනාවක් 2017 අයවැයට ඇතුළත් කර තිබුනි.

    more
    Complete.si
  • මෙරට හෝ පිටරට රැකියාවකට යෑම සඳහා හෝ වෙනත් කාර්යයක නියුක්තවීමට සියළුම රාජ්‍ය සේවකයන්ට පඩි රහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව සළසාදීම

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද පුරවැසි ප‍්‍රඥප්තියට අනුව රාජය සේවකයන්ට පිටරට රැුකියාවකට හෝ අධ්‍යාපනය සඳහා වසර 5ක පඩි රහිත නිවාඩුද, රට තුළ අධ්‍යාපන කටයුතු සඳහා වසර 3ක පඩි රහිත නිවාඩුද මේ වන විටත් ලබා දී ඇත.

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • ජාතික විශ‍්‍රාම වැටුප් කාර්යාලය සහ උපදේශන සභාවක් පිහිටුවීම

    අගමැතිි කාර්යාලය විසින් නිකුත් කර ඇති 2015 කාර්ය සාධන වාර්තාවට අනුව, ජාතික විශ‍්‍රාම වැටුප් කාර්යාලය සහ උපදේශන සභාවක් පිහිටුවීම සඳහා දළ සංකල්ප සටහනක් සකස් කර ඇත.

    more
    No-action.si
  • පුද්ගලික අංශයේ මාසික වැටුප වැඩිකිරීමට නීතියක් හඳුන්වා දීම

    පුද්ගලික අංශයේ අවම මාසික වැටුප රු. 10,000 දක්වා වැඩි කිරීම. පුද්ගලික අංශයේ මාසික වැටුප මැයි 2015 සිට රු. 1500/- සහ ජනවාරිි 2016 වන විට තවත් රු' 1000/- ඉහළ දැමීම.

    'සේවකයන්ගේ ජාතික අවම වැටුප් කෙටුම්පත 2015 අපේ‍්‍රල් 29 දින කැබිනට් අනුමැතිය ලැබුන අතර එය 2016 පෙබරවාරි මස 10දින පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. 2016 මාර්තු මස 11 දින කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර 2016 මාර්තු 23දින කතානායකවරයා විසින් 2016 අංක 3 දරණ සේවකයන්ගේ ජාතික අවම වැටුප් පනත අනුමත කරන ලදී.

    more
    Complete-with-compromise.si
  • සේවා නියුක්ති සම්බන්ධතා මණ්ඩලයක් පිහිටුවීම

    වෘත්තිය සමිති සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන් වල නියෝජිතියන්ගෙන් යෝජිත මණ්ඩලය සමන්විත වනු ඇත.

    වැඩකරන ජනතාවගේ අවම වැටුප තහවුරු කිරීම උදෙසා 2016 අයවැයෙන් සේවා නියුක්තති මණ්ඩලයක් ස්ථාපිත කිරීමේ යෝජනාව ඉදිරිපත් කරයි.

    more
    Poor-progress-stalled.si
  • රැකියාව අහිමිවීමකදී සේවකයන්ට රැකවරණය ලබාදෙන සේවා වියුක්ති ප‍්‍රතිිලාභ රක්ෂණ සැළසුමක් ස්ථාපිත කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ

    more
    No-action.si
  • කුඩා ආයෝජකයන්ට රු 500000- දක්වා ණය පහසුකම් මඟින් කොටස් වෙළඳපළේ ආයෝජනයට දිරිගැන්වීම

    ප්‍රගතියක් වාර්තා නොවේ

    more
    No-action.si
  • රජයේ සියලූ ව්‍යාපාර ආයතන සීමාසහිත රාජ්‍ය ව්‍යාපාරික සමාගමක් යටතට පත්කරනු ලැබේ.

    ප්‍රගතියක් වාර්තා නොවේ

    more
    No-action.si
  • EPF සහ ETF අරමුදල් කළමණාකරණය කිරීම සඳහා මහජන වස්තුභාරයක් පිහිටුවීම.

    ප්‍රගතියක් වාර්තා නොවේ

    more
    No-action.si
  • ජාතික ණය කාර්යාංශයක් ස්ථාපිත කිරීම

    2017 අයවැය යෝජනාවලියේ සඳහන් පරිදි ජාතික ණය කාර්යාංශයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. [364]

    more
    Poor-progress-slow.si
  • පවතින අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිසම වෙනුවට ස්වාධීන දූෂණ මැඩපැවැත්වීමේ කොමිශන් සභාවක් පිහිටුවීම'

    ව්‍යවස්ථාදායක සභාව ලබා දුන් නාම යෝජනාවන්ට අනුව ස්වාධීන කොමසාරිස්වරුන් 3ක් පත්කරන ලද අතර 2015 ඔක්තෝබර් 22 දින වැඩ බාරගන්නා ලදී.

    more
    Complete.si
  • තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර ක්‍රියාත්මක කිරීම

    2015 දෙසැම්බර් 3 දින තොරතුරු දැනගැනීමේ පනත අනුමත වූ අගමැතිවරයා නිවේදනය කළේය. 2016 මාර්තු 24 දින එය පාර්ලිමේන්තුවේ සභාගත කෙරුන අතර 2016 ජූනි 24 දින කෙටුම්පත සම්මත විය. 2016 අගෝස්තු 4දින කතානායකවරයා එම කෙටුම්පත අනුමත කරන ලදී .

    more
    Complete.si
  • ජාතික විඝණන පනත ක්‍රියාත්මක කිරීම

    අවස්ථා කිහිපයකදී විඝණන පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළද පසුව එය ඉවත්කර ගෙන ඇත.

    more
    No-action.si
  • 1865 පොලිස් ආඥ පනත වෙනුවට නව පොලිස් පනතක් සම්මත කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබඳ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීම

    ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව ජනතාවට විවෘත කර ඇත.

    more
    On-track.si
  • මනාප ඡන්ද ක‍්‍රමය අහෝසි කර සමානුපාතික හා ඡන්ද කොට්ඨාශ ක‍්‍රමය පදනම් කරගෙන මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම

    ව්‍යවස්ථා මණ්ඩලයේ සාකච්ඡුාවන් හැරුණු කොට කිසිඳු ප‍්‍රගතියක් නොමැත.

    more
    Poor-progress-slow.si
  • රාජ්‍ය ආයතන සහ රාජය වියදම් අධීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු 20ක් පත්කිරිම

    අධීක්ෂණ කාරක සභා 16ක් පිහිටුවීම අරමුණු කරගෙන ආංශික අධීක්ෂණ කාරක සභා ක‍්‍රමය හඳුන්වා දීමේ යෝජනාව 2015 දෙසැම්බර් 19දින පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්නා ලදී.

    more
    Complete.si
  • සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකටම සංවර්ධන සම්බන්ධිකරන කමිටුවක් පත්කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • ව්‍යවස්ථා ගැටලූ නිරාකරණය කිරීම සඳහා ව්‍යාස්ථා අධිකරණයක් ස්ථාපිත කිරීම

    ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටු විනිශ්චය මත පදනම් ව උප කමිටුවක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවෙහි නව ව්‍යවස්ථාව හරහා ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීම යෝජනා කර ඇත.

    more
    Poor-progress-slow.si
  • ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වයට සිවිල් සමාජයෙන් සාමාජිකයන් සමන්විත වන ආකාරයෙන් සංශෝධනය කිරීම

    ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වය කථානායක, අගමැතිවරයා, විරුද්ධ පක්ෂ නායකයා සහ අනෙත් සාමාජිකයන් අතර ස්වාධීන සිවිල් සමාජ සාමාජිකයන් සමන්විත වේ.

    19වැනි සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාව නීතිගත කර ඇත. එය සාමාජිකයන් 10කින් සමන්විත වේ. (පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයන් 7ක් සහ සිවිල් සමාජ නියෝජිතයන් 3)

    more
    Complete-with-compromise.si
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම

    පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති චර්යාධර්ම සංග්රහයේ අවසන් කෙටුම්පත සහ සංශෝධිත ස්ථාවර නියෝග පිළිබඳ පාර්ලිමේන්තු අනුමැතිය අපේක්ෂාවෙන් සිටියි

    more
    Poor-progress-slow.si
  • අනුරාධපුර මහා විහාරයේ උරුමය අනුව යමින් බුද්ධ ධර්මය සහ බෞද්ධ භාවනාව අධ්‍යයනය කිරීම සඳහා ආයතනයක් ස්ථාපිත කිරීම.

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • විදේශ ධර්ම දූත කටයුතු සඳහා විධිමත් ආයතනයක් පිහිටුවීම සහ ශ්‍රී ලාංකික භික්ෂූන් විසින් විදේශයෙහි පිහිටුවා ඇති සියලූ විහාරස්ථාන ලියාපදිංචි කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • තරුණ භික්ෂූන් වහන්සේලාගේ දිළිඳු මාපියන්ට උපකාර කිරීමට වැඩසටහන් ක්‍රියාවට නැංවීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • ථේරවාද ධර්ම සංඝායනාවක් 2018දී පැවැත්වීමට කටයුතු කෙරෙන අතර 2016 සිට එ් සඳහා සූදානම් වීම ආරම්භ කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • බෞද්ධ භාවනා ක‍්‍රමය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • දහම් පාසැල් සංවර්ධනය උදෙසා වෙනම අරමුදලක් ස්ථාපිත කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • යාපන විශ්ව විද්‍යාලයේ සහ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සහයෝගීතාවයෙන් 'අරනේරි ආදම්' ව්‍යාපෘතිය පැවැත්වීම

    මෙම වැඩපිළිවෙළේ මූලික පරමාර්ථය වන්නේ උසස් අධ්යාපනය / උසස් තෘතියික අධ්යාපනයක් නොලැබෙන පළාත් දෙකෙන් ගුරුවරුන් පුහුණු කිරීමයි.

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය නැවත ස්ථාපිත කිරීම

    2015 දී මහ මැතිවරණයෙන් පසුව ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක් පිහිටුවන ලදී.

    more
    Complete.si
  • චිත‍්‍රපට සංවර්ධන මණ්ඩලයක් හඳුන්වා දීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • ජාතික චිත‍්‍රපට විශ්ව විද්‍යාල මණ්ඩපයක් පිහිටුවීම

    කලාකරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීමට පහසුකම් සැලසීමට සහ සහාය වීමට ජාතික සිනමා ඇකඩමියක් පිහිටුවනු ලැබේ.

    2017 අයවැයෙන් ජාතික චිත‍්‍රපට ඇකඩමියක් පිහිටුවීම සදහා රු. මිලියන 50ක් වෙන් කර ඇත.

    more
    On-track.si
  • ජාත්‍යන්තර මට්ටමේ අංග සම්පූර්ණ ක්‍රීඩා විශ්ව විද්‍යාල මණ්ඩපයක් ස්ථාපිත කිරීම

    ක්‍රීඩා වෛද්‍ය ආයතනය තුළ මානව කාර්යසාධන විද්‍යාගාරයක් සඳහා රු. මිලියන 100ක් සහ ජාතික ක්‍රීඩා විශ්ව විද්‍යාල මණ්ඩපයක් සඳහා රු. මිලියන 100ක් ඇතුළත් කිරීමට 2017 අයවැයෙන් යෝජනා විය. ජාතික අයවැය දෙපාර්තමේන්තුව යටතේ 2017 අයවැය ඇස්තමේන්තු සඳහා මෙම යෝජනාවන් දෙකම ඇතුළත් විය.

    more
    On-track.si
  • ස්වාධීන ක්‍රීඩා අධිකාරියක් ස්ථාපිත කිරීම

    කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොමැති ව්යවස්ථා සභාව හරහා ස්වාධීන ක්‍රීඩා අධිකාරියක් පිහිටුවීම.

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනතක් සම්මත කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • ජාතික කාන්තා කොමිසන් සභාවක් ස්ථාපිත කිරීම

    කාන්තා අයිතිවාසිකම් කෙටුම්පත ක්‍රියාත්මක කිරීමට කාන්තාවන් පිළිබද ජාතික කොමිශන් සභාව සවිබල ගැන්වීම.

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • ලිංගික අපරාධ සහ ප‍්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ නඩු සඳහා දිස්ත්‍රික් මට්ටමින් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යාල සහ විශේෂ අධිකරණ පිහිටුවීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • ලිංගික අපරාධ සහ ප‍්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා ජාතික

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • ලිංගික අපරාධයන්ට සහ ප‍්‍රචණ්ඩත්වයන්ට ගොදුරුව දිවිගලවාගත් පුද්ගලයන්ට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • පළාත් පාලන මට්ටමින් කාන්තා නියෝජනය සඳහා 25]වෙන් කිරීමට කටයුතු කිරීම

    This Bill was approved by Cabinet on the 18 November 2015. The amended Local Authorities Elections Bill was tabled in Parliament on the 12 January 2016, which was passed on the 9 February 2016. The Act was then endorsed by the Speaker on the 17 February 2016.

    more
    Complete.si
  • තිරසර සංවර්ධන පනතක් සම්මත කිරීම

    තිරසර සංවර්ධන සභා පිහිටුවීමත් සමඟ තිරසාර සංවර්ධනයක් සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ප‍්‍රතිපත්තිය හා උපාය මාර්ග ප‍්‍රවර්ධනය හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙම පනත සකස් කිරීමට අදහස් කෙරේ.

    2016 ජූලි මස 12 වන දින කැබිනට් මණ්ඩලය අනුමත කළ අතර 2017 ජනවාරි 9 දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදි.

    more
    On-track.si
  • මධ්‍යම පංතික සහ වැඩකරන ජනතාව වෙනුවෙන් දැරිය හැකි මිලකට නිවාස එ්කක 500000 ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම

    නාගරික හා තදාසන්න ප‍්‍රදේශයන්හි මධ්‍යම ආදායම් ලබන ආදායම්ලාභීන් සඳහා මහල් නිවාස ඉදිකිරීම 2016 මාර්තු 23 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ඉදිරි වසර තුන ඇතුළත මධ්‍යම ආදායම් ලාභීන් සඳහා එක් නිවාස එ්කකයකට රු. මිලියන 5 බැගින් නිවාස එ්කක 100,000ක් සහ අඩු ආදායම් ලාභීන් සඳහා එ්කකයකට රු. මිලියන 1 බැගින් නිවාස එ්කක 250000 ඉදිකිරීමට පෞද්ගලික අංශයට ආරාධනා කිරීමට අදාලව මෙම ව්‍යාපෘතිය ගැන 2017 අයවැය කථාවේ සඳහන් වී ඇත. ( 2017-2019).

    more
    Poor-progress-slow.si
  • ජාතික සෞඛ්‍ය සේවා අධිකාරියක් පිහිටුවීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • වෛද්‍ය පර්යේශණායතනයට ස්වාධීන පාලක මණ්ඩලයක් පත්කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • ජාතික සෞඛ්‍ය රක්ෂණ සැළැස්මක් ආරම්භ කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • හදිසි ජංගම වෛද්‍ය සේවාවක් ස්ථාපිත කිරීම

    බස්නාහිර සහ දකුණු පළාත්වල නව හදිසි ජංගම දුරකථන සේවා මධ්යස්ථානයක් ස්ථාපිත කරනු ඇත.

    2016 ජූනි මස 28 වන දින පුර්ව රෝහල් හදිසි වෛද්‍ය ප‍්‍රතිකාර ගිලන් රථ සේවාවක් සදහා හදිසි ප‍්‍රතිචාර මධ්‍යස්ථානයක් වෙනුවෙන් ගාස්තු රහිත අංකයක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබිණි. හදිසි ගිලන් රථ සේවාව 2016 ජූලි මස 28 දින ආරම්භ කරන ලදී.

    more
    Complete.si
  • ජාත්‍යන්තර රැකියා වෙළඳපළ ඉලක්ක කරගනිමින් හෙද පීඨයක් ආරම්භ කිරීම

    රාජ්‍ය හෙද නිලධාරී සංගමයේ සභාපති වන සමන් රත්නප‍්‍රිය ප‍්‍රකාශ කරන පරිදි මෙය දැන් කි‍්‍රයාත්මක වෙමින් පවති. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප‍්‍රථම හෙද පීඨයට 2017 අධ්‍යයන වර්ශය සඳහා ශිෂ්‍යාවන් 100ක් ඇතුළත් කර ගැනීමට නියමිත බව සඳහන් වේ.

    more
    Complete.si
  • රුධිරය පිරිසිඳු කිරීමේ යන්ත‍්‍ර 1000ක් අලුතින් ස්ථාපිත කිරීම

    නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වූ ජනයාගේ සුබසාධනය සඳහා රුධිරය පිරිසිඳු කිරීමේ යන්ත‍්‍ර 1000ක් අලුතින් ස්ථාපිත කිරීම.

    2016 අයවැයෙන් නිදන්ගත වකුගඩු රෝගය පැතිර පවතින ප්‍රදේශවල රුධිර පිරිසිදු කිරීමේ මධයස්ථාන 1000 ක්ස්ථාපිත කිරීමට රු මිලියන 6500 ක මුදලක් යෝජනා විය. ජාතික අයවැය දෙපාර්තෙම්න්තුව යටතේ 2016 අයවැය ඇස්තමේන්තුවෙන් එම නිශ්චිත මුදල අනුමත කරන ලදී. මුදල් අමාත්යාංශයේ 2016 වාර්ශික වාර්තාවට අනුව රු. 364,653,104 මුදලක් සෞඛ්ය අමාත්යාංශයට ප්‍රතිපාදන වෙන් කර ඇති අතර අමාත්යාංශය විසින් ඉන් 100%ක් වියදම් කර ඇත

    more
    Poor-progress-slow.si
  • ආබාධිත පුද්ගල අයිතිවාසිකම් පනත සම්මත කිරීම

    ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය 2006 දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය හා මානව හිමිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතීන් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලදී. 2007දී ශ්‍රී ලංකාව මෙම සම්මෙලනය අත්සන් තබන දී. ශ්‍රී ලංකා ආබාධිත පුද්ගලයන්ගේ යහපත පිණිස මෙය සම්මත කරගැනීම සඳහා සමාජ සවිබලගැන්වීම සහ සුභසාධන අමාත්ය එස්. බී. දිසානායක විසින් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. පනත් කෙටුම්පත් කෙටුම්පත් කිරීම සඳහා වන නෛතික පත්රිකාව එය තවමත් අනුමත කර නොමැත.

    more
    Poor-progress-slow.si
  • ජාත්‍යන්තර මට්ටමේ ආයුර්වේද මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයක් පිහිටුවීම

    2016 මැයි 24දින රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් දේශීය වෛද්‍ය විද්‍යා පිළීබඳ පශ්චාත් උපාධි ආයතනයක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව අනුමත විය. අයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පර්යේශන හා සංවර්ධනය මූලික කරගනිමින් ආයුර්වේද වෙවද්‍ය විද්‍ය පශ්චාත් උපාධි ආයතනය ශක්තිමත් කිරීම සඳහා 2017 අයවැයෙන් රු. මිලියන 250ක් වෙන් කිරිමට යෝජනා විය. මෙය 2017 අයවැය ප‍්‍රතිපාදනයන් වෙන් කරන ලදී.

    more
    On-track.si
  • රූපලාවන්‍ය භාණ්ඩ හා සේවා සහ ඖශධ නියාමනය කිරීමට බලතල ඇති ආයතනයක් පිහිටුවීම

    රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද රූපලාවන්‍ය ඖශධ නියාමනය කිරීමට නීති කෙටුම්පත් කිරිමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. නමුත් මේ වනතුරු කිසිදු කෙටුම්පතක් ඉදිරිපත් කර නොමැත

    more
    No-action.si
  • සියලු සිසුන්ට අපොස උසස් පෙළට ප‍්‍රවේශ වීමට ඉඩ ලබා දීම

    අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව සා.පෙළ අසමත් වූ සිසුන්ට උ.පෙළ විභාගය කිරීමට අවස්ථාව සාධක 4ක් මත තීරණය කර ඇති අතර නියාමක ව්‍යාපෘතිය පාසැල් 42ක ආරම්භ කර ඇත.

    more
    On-track.si
  • වෘත්තීය පුහුණු උසස් පෙළට ඇතුළත් කිරීම මඟින් පාසැල් විෂය පථය වැඩි දියුණු කිරීම සහ අවුරුදු 13 පාසැල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම

    2017 සැප්තැම්බර් වන විට වසර 13ක් පාසැල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ නියමු වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය. පාසැල් හඳුනාගැනීමේ සහ සිතියම්ගත කිරීමේ අධියර අවසාන කර ඇති අතර 2017 වර්ශයේ 12 ශ්‍රේණියේ වෘත්තිමය විෂයන් සඳහා ජාතික පාසැල් 42ක්, ශිෂ්‍යාවන් 4419ක් තෝරාගෙන නව ඇතුළත්වීම් බාර ගෙන ඇත.

    more
    On-track.si
  • මැතිවරණ වියදම් සඳහා සීමා පැනවීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • නව අධ්‍යාපන පනතක් හඳුන්වා දීම සහ රටේ පොදු අධ්‍යාපන ප‍්‍රතිපත්තියට ජාත්‍යන්තර පාසැල් ඇතුළත් කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • ජාතික ඊ පුස්තකාලයක් ස්ථාපිත කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබඳ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීම

    අග‍්‍රාමාත්‍යවරයා රජය මෙම විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීම අදහස් කර සිටින බව ප‍්‍රකාශ කර සිටියද, පළමු නිවේදනයෙන් පසුව කිසිදු ප‍්‍රගතියක් දක්නට නොමැත.

    more
    No-action.si
  • ලෝක බැංකු ආධාර යටතේ පිහිටුවන ලබන අරමුදලකින් පෙර පාසැල් ගුරුවරුන්ට මූල්‍ය ආධාර ලබා දීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • විශ්ව විද්‍යාල දියුණු කිරීම සඳහා විශ්ව විද්‍යාල සභාවක් පිහිටුවීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • රාජ්‍ය ප‍්‍රතිපත්ති සහ රාජ්‍ය පාලනය සඳහා අධ්‍යයන ආයතනයක් ආරම්භ කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • ජාත්‍යන්තර මට්ටමේ ජාතික ජ්‍යොතිශ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • අතිරේක රැකියා දසලක්ෂකයක් උත්පාදනය කිරීමට වැඩපිළිවෙළක් සැකසීම

    ශ‍්‍රම බලකා සමීක්ෂණ දත්ත අනුව, 2015 සැප්තැම්බර් සිට මේ දක්වා එකතු වී ඇති නව රැකියා සංඛ්‍යාව 400,000කි. එ් අනුව 2020 වන විට පුර්ණ කළ යුතු දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන පොරොන්දුවකි. කෙසේවෙතත්, කෘෂිකර්මය වැනි කාලීන වෙනස්කම් වලට අනුව මෙම ඉහළ යෑම අස්ථාවර ලෙස පෙන්නුම් කරන අතර ප‍්‍රතිලාභ උච්චාවචනය වීමේ ප‍්‍රවණතාවයක් ඇත.

    more
    On-track.si
  • තරුණ භික්ෂූන් වහන්සේලා මුහුණ දී ඇති ගැටලූ විසඳීමට කමිටුවක් පත්කිරීම

    ප්‍රගතියක් වාර්තා නොවේ.

    more
    No-action.si
  • විගණන පනත සම්මත කර බලාත්මක කිරීම

    බලයට පැමිණීමෙන් මාස 2ක් ඇතුළත විගණන පනත සම්මත සම්මත කිරීම.

    විගණන පනත කැබිනට් මණ්ඩලයේ කිහිප වරක්ම සභාගත කළද පසුව ඉවත් කර ඇත. කැබිනට් අනුමත කෙටුම්පතක් තවමත් නොමැත

    more
    No-action.si
  • තොරතුරු පනත සම්මත කර බලාත්මක කිරීම

    බලයට පැමිණ මාස 2ක් ඇතුළත තොරතුරු පනත සම්මත කර බලාත්මක කිරීම.

    කැබිනට් මණ්ඩලය විසින් තොරතුරු දැනගැනීමේ පණත අනුමත කළ බව 2015 දෙසැම්බර් 3 වන දින අගමැතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 2016 මාර්තු මස 24 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2016 ජූනි 24 වන දින එය සම්මත විය. ජාතික ආණ්ඩුව ගොඩනැගීමෙන් මාස 12කින් පසුව 2016 අගෝස්තු මස 04 වන දින කථානායකවරයා පනත අනුමත කළේය.

    more
    Complete-with-compromise.si
  • "සයුර අපගේ සොහොයුරාය" යන සංකල්පය යටතේ ධිවර කටයුතු සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කිරීම.

    ප්‍රගතියක් වාර්තා කර නොමැත.

    more
    No-action.si
  • "නිදහස් අධ්‍යාපන පුනර්ජීව අරමුදල" ස්ථාපිත කිරීම.

    නිදහස් අධ්‍යාපනය ලබාගන්නා සිසුවියන්ගේ අයිතිවාසිකම් සුරැකීම සහ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නිදහස් අධ්යාපන පුනරුත්ථාපන අරමුදලක් පිහිටුවීම. ප‍්‍රගතිය වාර්තා කර නොමැත.

    more
    No-action.si
  • 'තිරසාර සංවර්ධන ජාතික සැලැස්මක්' හරහා ආර්ථිකයේ ප්‍රධාන ඉලක්ක සපුරාගැනීම.

    තිරසාර සංවර්ධන පනත පිළිබඳ අගමැතිවරයා විසින් කරන ලද යෝජනාව 2016 ජූලි 12 වැනි දින කැබිනට් මණ්ඩලයේ අනුමත විය. එය 2017 ජනවාරි මස 9 වැනි දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද අතර 2017 සැප්තැම්බර් 21 වන දින පවත්වන ලද තුන්වැනි වර කියවීම සිදුකරන ලදී. නමුත් කථානායකවරයා විසින් මෙතෙක් සහතික කර නොමැත.

    more
    On-track.si
  • කලා නිර්මාණවල බුද්ධිමය දේපළ අයිතිය සුරැකීම සඳහා වන නව නීති රෙගුලාසි හදුන්වා දීම.

    සංචාරක සංවර්ධන අමාත්‍ය ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ගරු ජෝන් අමරතුංග, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික අමාත්‍ය එස් බී නාවින්න විසින් ශී‍්‍ර ලංකාව සහ ලෝක බුද්ධිමය දේපල සංවිධානය අතර සහයෝගීතා ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. සංචාරක කර්මාන්තය හා සංස්කෘතික උරුමය ප‍්‍රවර්ධනය කිරීම සඳහා බුද්ධිමය දේපල භාවිතය පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සහ සංචාරක කර්මාන්තය ආශ‍්‍රිත සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා WIPO හි සංචාරය සහ සංස්කෘතිය සම්බන්ධ යෝජිත බුද්ධිමය දේපල ව්යාපෘතිය ක්රියාත්මක කිරීම සඳහා අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    more
    Poor-progress-slow.si
  • අපරාධකරුවන් පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කිරීම වැළැක්වීම

    අපරාධයක් සඳහා සිරදඩුවමකට හෝ අත්හිටවූ සිරදඩුවමකට ලක්වූවන්, දූෂණ චෝදනා වරදකරුවෙකු වූවන්, මත්ද්‍රව්‍ය, ගණිකා මඩම්, කැසීනෝ වැනි කර්මාන්තයෙහි යෙදන්නන් සහ පරිසිරය විනාශ කිරීමට කටයුතු කරන්නන්ට මැතිවරණයකට සහභාගීවීමට නොහැකි වන ලෙසින් මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සඳහා නිර්ණායක ඇතුළත් නව මැතිවරණ පනත මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ඉදිරිපත් කර මගින් මැතිවරණ ක්‍රමයට අදාල නීති සංශෝධනය කිරීම.

    2015 දී ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ තීරණයන් හැරුණු විට කිසිම ක්‍රියාවක් ගෙන නොමැත.

    more
    Poor-progress-stalled.si
  • පක්ෂ අභ්‍යන්තර සහ පක්ෂයේ තීරණ ගැනීම්වල ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සදහා නීති හදුන්වාදීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • ගොවියාගේ බීජ අයිතිය හා සුරක්ෂිතතාවය සහතික වන පරිදි බීජ නිපදවීම හා බෙදාහැරිම පිලිබඳ රජයේ වගකීම තහවුරු කරන නීති රාමුවක් හදුන්වාදීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත.

    more
    No-action.si
  • කුඩා තේ වතු හිමියන්ට ඵලදාව වර්ධනය කරගැනීම සඳහා අඩු පොලි සහන ගෙවීම් ණය ක්‍රමයක් හදුන්වාදීම.

    මුදල් අමාත්‍යාංශයේ 2016 වාර්ෂික වාර්තාවට අනුව තේ කර්මාන්තශාලා හිමියන්ට ප‍්‍රාග්ධන ණය 219 ක් ලබා දී ඇති අතර එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 6,959කි. 2015 දී ණය 69 සිට 2016 දී ණය 219 ක් දක්වා ලබා දී ඇති ණය සංඛ්‍යාවෙහි 217% පැහැදිලි වර්ධනයක් දක්නට ඇත.

    more
    On-track.si
  • කර්මාන්ත සංවර්ධන පනත ක්‍රියාත්මක කිරීම

    කර්මාන්තයක් ආරම්භ කිරීමේදී පුළුල් කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී වර්තමානයේ බලාත්මකව පවතින විවිධ පනත්වල පරස්පරතා හේතුවෙන් අපහසුතාවයට පත්වන කර්මාන්තකරුවන් මුහුණ දෙන විවිධාකාර බාධා ඉවත්කර ඔවුන් දිරිගැන්වීමට සහ පහසුකම් සැලසීමට නව නීතිමය රාමුවක් හඳුන්වා දීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • අවුරුදු 10 කට වැඩි කාලයක් රජයේ ඉඩම්වල කෘෂිකාර්මික කයුතු කළ සුළු ගොවීන්ට එම ඉඩම් සින්නක්කරව ලබා දීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දීම

    2017 ජූලි 11 වන දින අමාත්ය මණ්ඩලය විසින් ප‍්‍රවෘත්ති මාධ්ය ප්රමිති සඳහා ස්වාධීන කවුන්සිලයක් පිහිටුවීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීම සඳහා කැබිනට් උප කමිටුවක් පත් කිරීමට තීරණය කරන ලදී. මංගල සමරවීර අමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සරත් අමුණුගම, රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් මාස දෙකක් ඇතුළත කැබිනට් මණ්ඩලයට නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිතය

    more
    No-action.si
  • වායු, ජල, පාංශු, ශබ්ධ සහ දෘෂ්ටිය යන 'පංචවිධ පරිසර දුෂණ වළක්වන ජාතික ප්‍රතිපත්තියක්' හදුන්වා දීම.

    සියලුම පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් සකස් කරන ලද වසර තුනක (2016 - 2018) කාලයක් තුළ සියලු ප‍්‍රධාන පාරිසරික ගැටළු සඳහා විසඳුම් සපයා දීමට ‘පුනරුදය‘, ජාතික වැඩ සටහන සකස් කර ඇත. ඉදිරි වසර තුන සදහා මෙම ව්යාපෘතියට ඇස්තමේන්තුගත මුදල රු. මිලියන 22,547 කි. 2016 අයවැයෙන් රු මිලියන 2,000ක් යෝජනා වූ අතර 2016 අයවැය ඇස්තමේන්තුව රු මිලියන 2000 ක් වෙන්විය.

    more
    On-track.si
  • කොට්ඨාශයෙන් තරඟ කළ සියලූ පක්ෂ හා නියෝජිතයන්ගෙන් සමන්විත වන ජන සභා ස්ථාපිත කිරීම

    ජනසභා ලේකම් කාර්යාල හරහා සියලු රාජ්‍ය සේවා සහ යටිතල පහසුකම්ල ආර්ථික, වාරිමාර්ග හා ග‍්‍රාමීය සංවර්ධන කටයුතු සැලසුම් කි‍්‍රයාත්මක කරනු ලැබේ

    more
    No-action.si
  • 'ශ්‍රී ලාංකික පුරවැසියන්ට 'ජාතික සුහදතා ප්‍රඥප්තියක්' තුලින් සාධාරණත්වය සහ සමානාත්මතාවය තහවුරු කිරීමට පුළුල් බලතල සහ දිස්ත්‍රික් මට්ටමේ 'ජාතික සුහදතා කොමිසමක්' පිහිටුවීමට අවශ්‍ය නීති පනතක් හරහා හදුන්වාදීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • දූෂණ හා වංචා සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සර්ව පාක්ෂික කමිටුවක් පත් කිරීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • ආර්ථික සංවර්ධනයේ දිශාන්නතිය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට වග කියන 'ජාතික ආර්ථික උපදේශක කමිටුවක්' පිහිටුවීම.

    2017 අගෝස්තු මස 9 වන දින ජාතික ආර්ථික උපදේශක කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. ජාතික ආර්ථික උපදේශක සභාව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසිනි පිහිටුවන ලදී. 2017 සැප්තැම්බර් 12 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය ප‍්‍රථමවරට කැඳවනු ලැබීය.

    more
    Complete.si
  • බලයට පැමිණීමෙන් මාසක් ඇතුලත ව්‍යවස්ථාදායක සභාව ස්ථාපනය කර වැඩ ඇරඹීම

    නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසුව 2015 සැප්තැම්බර් 10 වන දින ව්යවස්ථා සභාව පළමු වරට රැස්වූහ

    more
    Complete.si
  • රාජ්‍ය ආයතන සඳහා සියලු නිලධාරීන්ගේ පත්වීම් සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කමිටුවකින් අනුමත කරනු ලබන අතර සියලු රාජ්‍ය නිලධාරීන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතුය.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත.

    more
    No-action.si
  • 'ජාතික සුහදතා කොමිසමේ' එකඟතාවයෙන් යුතුව ඉදිරපත් කෙරෙන අවසන් නිර්දේශ පළමු මාස 6 තුල ඉදිරිපත් කර, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සමාජීය, සංස්කෘතික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වසරක් තුල ක්‍රියාත්මක කිරීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ උසස් අධ්‍යාපන ආයතනයක් නුවරඑළියේ පිහිටුවීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත.

    more
    No-action.si
  • නිපුනතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ රැකියා බැංකුවක් පිහිටුවීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත.

    more
    No-action.si
  • ඉඩම් බැංකුවක් පිහිටුවීම.

    ඉඩම් බැංකුව හදුන්වාදීම සදහා 2016 අයවැයෙන් රු මිලියන 500ක යෝජනා වී ඇති අතර ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා රුපියල් මිලියන 500ක ප‍්‍රතිපාදන වෙන් විය. මුදල් අමාත්යාංශයේ 2016 වාර්ෂික වාර්තාවට අනුව මේ සඳහා මිලියන 195 ක් වෙන් කර ඇති අතර එම ප්‍රතිපාදන වලින් යොදාගෙන ඇත්තේ 56% ක් පමණි.

    more
    On-track.si
  • ගොවියන්ගේ ණය බර අඩු කිරීම සදහා ගොවි ණය සඳහාම වූ 'ගොවි ජන බැංකු ක්‍රමයක්' ඇරඹීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • එළවළු සුරක්ෂිතව, කඩනමින් හා අඩු වියදමින් ප්‍රවාහනය කිරීම සඳහා කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයින්ගේ සහභාගිත්වයෙන් යුත් කමිටුවක් හරහා ඉදිරිපත් කිරීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත.

    more
    No-action.si
  • ජාතික පර්යේෂණ හා සංවර්ධන අරමුදලක් පිහිටුවීම

    කිසිදු අයවැය යෝජනාවක් නොමැත

    more
    No-action.si
  • දැනුම හා දේශීය සොයාගැනීම් දිරිගැන්වීම සඳහා තාක්ෂණික පර්යේෂණ විද්‍යාගාර පද්ධතියක් රටපුරා විශ්වවිද්‍යාල පද්ධතිය ආශ්‍රිතව පිහිටුවීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • දෙපාර්තමේන්තු හා ආයතන අතර සම්බන්ධීකරණයක් ඇතිකරමින් ජාතික සභාවක් පිහිටුවීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • සෑම ප‍්‍රාදේශීය සභා කලාපයකම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • ත්‍රිරෝද රථ, ටැක්සි රථ හා පාසල් වෑන් රථ නියාමනය කිරීමට ආයතනයක් පිහිටුවීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සඳහා පර්යේෂණ ආයතනයක් පිහිටුවීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • 'සිරකරුවොත් මනුෂ්‍යයෝය' යන සංකල්පයෙන් රැදවියන් පුනරුත්ථාපනය කිරීම සඳහා පහසුකම් වැඩි දියුණු කිරීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • සම්ප්‍රදායික ධිවර කර්මාන්තයේ යෙදෙනන් සහ අලුතින් කර්මාන්තයේ අවතීරණ වීමට කැමති අය වෙනුවෙන් ධිවර තාක්ෂණික විද්‍යාලයක් ආරම්භ කිරීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • සංචාරක ප්‍රදේශවල ත්‍රි රෝද රථ රියදුරන් සඳහා භාෂා හැකියාවන් දියුණු කිරීමට පාඨමාලාවක් හදුන්වා දීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • විවිධ දක්ෂතාවලින් යුතු තරුණ තරුණියන් 500 කට වාර්ශිකව ලොව දියුණු රටක පෞරුෂ වර්ධන චාරිකාවක් ලබාදීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • ග්‍රාමීය පාසල්වල ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, තොරතුරු තාක්ෂනය සෞන්දර්ය අධ්‍යාපනය, ක්‍රීඩා විෂය ධාරාව සඳහා ගුරු අභ්‍යාසලාභීන් 50,000 ක් බඳවා ගැනීම

    2016 අයවැය ඇස්තමේන්තුවන් රු. මිලියන 2000ක් අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කර ඇත. 2016 මුදල් අමාත්‍යාංශයේ වාර්ශික වාර්තාවට අනුව මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 27 කි

    more
    Poor-progress-slow.si
  • සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම මහින්දෝදය පාසල් ආරම්භ කිරීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය අසමත් වන සිසු සිසුවියන්ට වසර දෙකක් තුළ ගණිතය සමත්වීමේ එකඟතාවය මත උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබා දීම

    අධ්යාපන අමාත්යංශයට අනුව සාමාන්ය පෙළ විභාගයට අසමත් වූ සිසුන්ට සාධක හතරක් මත පදනම් ව උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති අතර පාසල් 42 ක නියාමන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

    more
    On-track.si
  • වසර 2020 වන විට ලංකාවේ සීනි අවශ්‍යතාව දේශීයව සම්පුර්ණ කීරීමට හැකිවන පරිදි සීනි කර්මාන්තය දියුණු කිරීම

    ප‍්‍රතිපත්ති කුළුණු 7ක් ඇතුළත්වන ”සීනි කර්මාන්තය සඳහා සංවර්ධන ප‍්‍රතිපත්තියක්” 2016දී ප‍්‍රකාශයට පත්කරන ලදී. ආයතනික ප‍්‍රතිපත්තිිය, ආයෝජන ප‍්‍රතිපත්තිය, නිෂ්පාදන සහ භූමි ප‍්‍රතිපත්තිය, මිල නියම කිරීමේ ප‍්‍රතිපත්තිය සහ ආනයන ප‍්‍රතිපත්තිය, ජල සම්පත් සහ යටිතල පහසුකම් සංවර්ධන ප‍්‍රතිපත්තිය හා මිනිස්බල සංවර්ධන ප‍්‍රතිපත්තිය යනු මෙම කුළුණු 7යි. පවත්නා සීනි කම්හල් නවීකරණය සහ පුළුල් කිරීම, ග‍්‍රාමීය ප‍්‍රදේශ වල උක්වගාව නැවත ස්ථාපිත කිරීම සහ ග‍්‍රාමීය ප‍්‍රදේශයන් තුළ යෝග්‍ය කාලගුණික සහ දේශගුණික තත්වයන් ඇති නව සැකසුම් සංකීර්ණයන් ඉදිකිරීම, 2020 වන විට සීනි පරිභෝජනයෙන් 50%ක ස්වයංපෝශිත මට්ටමක් ලඟාකර ගැනීමට අපේක්ෂා කිරීම ප‍්‍රතිපත්තිය තුළ සඳහන් කර ඇති ඉලක්කයන් වේ.

    more
    Poor-progress-slow.si
  • විදේශ රැකියා නියුක්තිකයන් සඳහා ජීවිත රක්ෂණයක් හා එ්කාබද්ධ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවේදයක් හඳුන්වාදීම.

    විදේශ රැකියා නියුක්තිකයන් සඳහා එ්කාබද්ධ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවේදයක් හඳුන්වාදීම 2017 අයවැයෙන් යෝජනා කර ඇත. සේවා නියුක්තිකයාගේ දායකත්වයට සමාන මුදලක් රජය විසින් කුවේට් අරමුදල හරහා දායක කරනු ඇත. ප‍්‍රතිලාභියාට වයස අවුරුදු 60දී විශ‍්‍රාම වැටුප ලබා ගත හැක. ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳ කිසිඳු තොරතුරක් මෙතෙක් ලැබී නොමැත

    more
    Poor-progress-slow.si
  • අධිවේගී මාර්ග වලට සම්බන්ද වන පරිදි නිදහස් වෙළඳ කලාප 12ක් ස්ථාපිත කිරීම

    රජය සමඟ සහයෝගීත්වයෙන් අධිවේගී මාර්ග හුවමාරු ඔස්සේ පෞද්ගලික නිදහස් වෙළඳ කලාප ඉදිකිරීමට රු.මිලියන 1000ක් වෙන් කිරීමට 2017 අයවැයෙන් යෝජනා විය. මෙම කලාපයන් සඳහා රජය විසින් ඉඩම, ජලය සහ විදුලිය ලබා දෙනු ඇත. ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 1000ක ප‍්‍රතිපාදන මේ සඳහා වෙන් කර ඇත.

    more
    Poor-progress-slow.si
  • මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රු. 6000ක් දක්වා වැඩි කිරීම

    2015 අගෝස්තු මහ මැතිවරණය පැවැත්වීමට පෙර 2015 මැයි සිට බලාත්මක වන ලෙසින් රජය රු. 5000/- දක්වා මහපොළ ශිෂ්‍යාධාරය ඉහළ දමන ලදී.

    more
    No-action.si
  • විශ්ව විද්‍යාලයෙන් පිටවන සියලුම උපාධිධාරින් රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ වසරක රැකියා පුහුණුවක් සඳහා අනුයුක්ත කරන අතර රුපියල් 5000 ක මාසික දීමනාවක් ලබා දීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • වතු කම්කරුවන් සඳහා වැටුප් දිනකට රුපියල් 1000 දක්වා වැඩිකිරීම

    දෛනික වැටුප ඉහළ දැමීමට තේ කර්මාන්ත හිමියන් සහ වතු කම්කරු වෘත්තීය සමිති 2016 ඔක්තෝබර් 18 දින එකඟ විය. මෙම නව සාමූහික එකඟත්වයෙන් තේ දළු නෙළන්නන්ගේ අවම දෛනික වැටුප රු. 620 සිට රු. 730ක් (ඇ. ඩොලර් 5) දක්වා වැඩි කිරීමට ශී‍්‍ර ලංකාවේ තේ වතු හිමියන්ගෙන් බහුතරයක් සමන්විත වන ප‍්‍රාදේශීය වැවැලි සමාගම් එකඟ විය.

    more
    Complete-with-compromise.si
  • ත්‍රිරෝද රියදුරන්ගේ හදිසි මුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් 100,000 ක විශේෂ අඩු පොළී සහිත ණය පතක් ලබා දීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත.

    more
    No-action.si
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඖෂධ සඳහා මසකට රුපියල් 3,000ක් සහ බරපතල ශල්‍යකර්මයක් සඳහා රුපියල් 500,000 ක් වෛද්‍ය රක්ෂණයක් ලබා දීම්

    අවුරුදු 65ත වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඖෂධ ලබා ගැනීමට මසකට රුපියල් 3,000ක් සහ බරපතල ශල්‍යකර්මයක් සඳහා උපරීමය රුපියල් 500,000 ක් ලබා ගත හැකි වෛද්‍ය රක්ෂණයක් ලබා දීම්

    more
    No-action.si
  • විශ්ව විද්‍යාලවලට ඇතුළුවන සෑම ශිෂ්‍යයෙකුටම රුපියල් 10,000 ක ශිෂ්‍යාධාර මුදලක් විශ්ව විද්‍යාලයට ඇතුලත් වන විටම ලබා දීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • විවෘත විශ්වවිද්‍යාලයට ඇතුලත් වන රැකියා විරහිත අවුරුදු 35ට අඩු සිසු සිසුවියන් සඳහා සහන මිලකට පාඪමාලා හැදෑරීමට අවස්ථාව ලබා දීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • විශ්ව විද්‍යාලවලට ඇතුළුවන සෑම ශිෂ්‍යයෙකුටම රුපියල් 10,000 ක ශිෂ්‍යාධාර මුදලක් විශ්ව විද්‍යාලයට ඇතුලත් වන විටම ලබා දීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    On-track.si
  • පෙර පාසල් සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට සැම අනුමත පෙර පාසලකටම රුපියල් 50,000 ක පොලි රහිත ණයක් ලබා දීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • පෙර පාසල් ගුරුවරුන්ට රුපියල් 5000ක මාසික දීමනාවක් ලබාදීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • වයස අවුරුදු 18 සිට 25 දක්වා සෑම තරුණ තරුණියන්ට රුපියල් 50000 ක ප්‍රදානයක් ලබා දීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • මව, පියා හෝ දෙදෙනාම රෝගාතුර වී හෝ අහිමිව සිටින පවුල් සහ විශේසහ අවශ්‍යතා ඇති දරුවන් සිටින පවුල් සඳහා රුපියල් 5000 ක ආධාර මුදලක් ලබා දීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • ගැබිනි මාතාවන් සඳහා ප්‍රෝටීන් සහ ත්‍රිපෝෂ ලබාදීම සහ ළමා පෝෂණය වැඩි දියුණු කිරීම

    මුදල් අමාත්‍යාංශය 2016 වාර්ශික වාර්තාවන්ට අනුව මේ සඳහා රුපියල් මිලියන 500ක ප‍්‍රතිපාදන සෞඛ්‍ය, පෝෂණය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශට ලබා දී ඇති අතර වෙන්කළ ප‍්‍රතිපාදන වලින් 29%ක් වියදම් කර ඇත.

    more
    On-track.si
  • පොෂ්‍යදායී ආහාර මිලදී ගැනීම වෙනුවෙන්, ගර්භණී මව්වරුන් සඳහා රු. 20,000 ක් ලබා දීම.

    මුදල් අමාත්‍යාංශය 2016 වාර්ශික වාර්තාවන්ට අනුව මේ සඳහා රුපියල් මිලියන 500ක ප‍්‍රතිපාදන සෞඛ්‍ය, පෝෂණය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශට ලබා දී ඇති අතර වෙන්කළ ප‍්‍රතිපාදන වලින් 39%ක් වියදම් කර ඇත.

    more
    On-track.si
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් රුපියල් මිලියන2.5ක් දක්වා වූ ස්ථාවර තැන්පතු සඳහා 15% පොලියක් ලබා දීම

    2016 මාර්තු 1 දින සිට බලපත‍්‍ර ලාභී වාණිජ බැංකු සහ බලපත‍්‍රලාභී විශේෂ බැංකු වල ජේශ්ඨ පුරවැසියන් විසින් පවත්වාගෙන යනු ලබන ස්ථාවර තැන්පතු සඳහා ලබා දුන් උපරිමය 15%ක් යටත්වන විශේෂ පොලිය රු.මිලියන 1ක සීමාවේ සිට රු. මිලියන 1.5ක් දක්වා ඉහළ දමා ඇත.

    more
    Complete-with-compromise.si
  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල ගෘහස්ත ජල ගාස්තුව 50% කින් ද නගර සභා බල ප්‍රදේශවල ජල ගාස්තුව 25% කින් ද වහාම අඩු කිරීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • දරුවා හදාවඩා ගැනීමට උණුවතුර බෝතල්, නැපි, තුවා, සබන් ආදිය අවශ්‍ය මුලික ද්‍රව්‍ය මුල් මාස 6 තුළ නොමිලේ ලබා දීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • ස්වයං රැකියා ආරම්භ කටන්නට වෙර දරන කාන්තාවන් 50000 කට 50000 දක්වා පොලි රහිතවද රුපියල් 50000 සිට 200000 දක්වා සහන පොලියටද ණය ලබා දීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • අවුරුදු 10කට වඩා වැඩි කාලයක් රජයේ ඉඩම් වල කෘෂිකාර්මික කටයුතු සිදී කරමින් සිටි සුළු ගොවීයන්ට එම ඉඩම් සින්නක්කරවම ලබා දීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    On-track.si
  • පළමුවැනි ශ්‍රේණියට ඇතුලත් වන සෑම දරුවෙකුටම NSB හි බැංකු ගිණුමක් විවෘත කිරීම සහ 5 ශ්‍රේණිය දක්වා සියලුම සිසුන් ට රු.1200 ක වාර්ෂික තැන්පතුවක් ලබා දීම.

    මෙතෙක් අයවැය ප‍්‍රතිපාදන වෙන්කිරීමක් හෝ කැබිනට් තීරණයක් හෝ ගෙන නොමැත.

    more
    No-action.si
  • තම පළමු නිවාස ඉදකිරීම හෝ මිලදී ගැනීම සඳහා සහන පොලියට රුපියල්ය මිලියන 4 දක්වා වූ නිවාස ණයක් ලබා දීම.

    මේ වන විට පිළිවෙලින් රු. 100,000 සහ රු. 250,000 වශයෙන් ’සැමට සෙවන’ නිවාස ණය සහ ‘විසිරි නිවාස ණය‘ වශයෙන් ණය වැඩසටහන් දෙකක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් කි‍්‍රයාත්මක කරමින් පවතී.

    more
    Poor-progress-slow.si
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලංගම බස් හා දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර රාජ්‍ය අනුග්‍රහයෙන් නොමිලේ ලබා දීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • ඉදිරි වසර පහ තුළ කොළඹ සිට මහනුවර හරහා උතුරේ යාපාපටුන දක්වා දිවෙන උතුරු අධිවේගී මාර්ගය උතුර - දකුණ යාකරමින් ගොඩ නැගීම

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • නැගෙනහිර හා දකුණු සංචාරක කලාපවලට පහසුවෙන් ළගාවිය හැකි පරිදි මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය ආශ්‍රිතව ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාද උද්‍යානයක් (ඩිස්නිලන්තය වැනි) සැලසුම් කිරීම.

    මෙතෙක් අයවැය ප‍්‍රතිපාදන වෙන්කිරීමක් හෝ කැබිනට් තීරණයක් හෝ ගෙන නොමැත.

    more
    No-action.si
  • සෑම කිලෝමීටර් 2 ක් ආවරණය වන පරිදි පෙර පාසැල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • ශී‍්‍ර ලංකාවේ සිව් දෙසින් පිහිටා ඇති ප‍්‍රධාන ආගමික සිද්ධස්ථාන පහසුවෙන් ලගා වන ලෙස කතරගම සහ ති‍්‍රකුණාමලය ආවරණය පරිද්දෙන් දුම්රිය මාර්ගය ඉදිකිරීම

    මාතර - කතරගම දුම්රිය මාර්ග ව්‍යාප්තියේ අවසාන අදියර කරා ලඟා වෙමින් පවතී.

    more
    On-track.si
  • මැනිං එළවළු වෙළඳපොල, කොටුව දුම්රිය ස්ථානය සහ බස් නැවතුම්පොල පරිශ්‍ර‍ය ඒකාබද්ධ කරමින්, නවීන පහසුකම් සහිත නව 'සංචාරක කේන්ද්‍ර‍යක්' ස්ථාපිත කිරීම

    පිටකොටුවේ මැනිං වෙළඳ පොළ නැවත ස්ථානගත කිරීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අයත් පෑලියගොඩට යාබදව පිහිටි අක්කර 6ක් ඉඩම වසර 3කට බද්දට ගැනීමට මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත පේ‍්‍රමදාස සාමූහිකව ඉදිරිපත් කළ යෝජනාව 2016 දෙසැම්බර් මස 6වන දින කැබිනට් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත විය. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2016 වාර්ශික වාර්තාවට අනුව මැනිං වෙළඳ පොළ පෑලියගොඩට නැවත ස්ථානගත කිරිම සඳහා මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය රු. මිලියන 303ක් වියදම් කර ඇත.

    more
    On-track.si
  • ක්‍රීඩාවට ආකර්ෂණය කිරීම සඳහා සෑම පාසලකටම ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩාංගණයක් ලබා දීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • බස්නාහිර සහ නැගෙනහිර පළාතේ ප්‍රචලිත අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත නිෂ්පාදන තොග අලෙවිය සඳහා මධ්‍යස්ථාන 2ක් ඇති කිරීම

    කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා පේශ කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ ව්‍යවසායකත්ව පුහුණු ලබා දීමට රු. මිලියන 500ක් වෙන් කිරීමට 2017 අයවැයෙන් යෝජනා විය. මෙම ප‍්‍රතිතපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් වෙන් කර ඇත.

    more
    On-track.si
  • මධ්‍ය සහ අඩු ආදායම් ලබන සහරා අප්‍රිකානු රටවල සහ ලතින් ඇමෙරිකානු රටවල වෙළඳපොල ඉලක්ක කරගත් තායිලන්තයේ බැංකොක් නුවර තොග වෙළඳපොල වැනි වෙළඳපොලක් මහරගම පමුණුව ආසන්නයේ ඉදි කිරීම.

    කිසිම අයවැය යෝජනාවක් නොමැත. කිසිම කැබිනට් තීරණයක් නොමැත

    more
    No-action.si
  • ගෘහස්ථ, කුඩා හා මධ්‍යම ඇඟලූම් කර්මාන්ත ඉලක්ක කරගනිමින් මහරගම, ගම්පහ සහ කාත්තන්කුඩි ප‍්‍රදේශවල තොග වෙළඳ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම

    විශේෂයෙන් අත්කම්, ඇඟලූම් සහ පාවහන් කර්මාන්තයන්හි නිරතවන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තොග වෙළදාමට සම්බන්ධ වීමට අවකාශය ලබා දෙන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ කොළඹ ‘ආවේනික කලා ශිල්ප වෙළද මධ්‍යස්ථානයක්’ ඉදිකිරීම සඳහා රු. මිලියන 100ක් 2017 අයවැයෙන් යෝජනා විය. මෙම ප‍්‍රතිපාදන 2017 අයවැයෙන් වෙන්විය.

    more
    Poor-progress-slow.si
  • මහනුවර, ගාල්ල, යාපනය, කටුනායක, ත්‍රිකුණාමලය යන නගරවල 'තොරතුරු තාක්ෂණ ගම්මාන' පිහිටුවීම.

    ප‍්‍රගතිය වාර්තා කර නොමැත

    more
    No-action.si
  • 2020 වන විට සංචාරකයන් මිලියන 4කට වැඩි සංඛ්‍යාවක් ආකර්ශණය කිරීමට කටයුතු කිරීම

    2014 වාර්තා අනුව දළ වාර්ශික සංචාරක පැමිණීම් මිලියන 1.5කි. මේ වන විට සංචාරක පැමිණීම් වාර්ශිකව 15-20%ක වර්ධන වේගයක් අත්පත් කරගෙන ඇත. නමුත්, 2020දී මිලියන 4 සංචාරක පැමිණීම සංඛ්‍යාවක් ලඟාකර ගැනීම සඳහා 30%ට වැඩි වාර්ශික වර්ධන ඉලක්කයක් අත්පත් කරගත යුතු ය. 2016 ජනවාරි-සැප්තැම්බර් සමඟ සසඳන විට 2017දී ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වර්තා කර ඇත්තේ 2.9% සමස්ථ වර්ධනයක් පමණි.

    more
    Poor-progress-slow.si
  • රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙන් ම ස්වයං රැකියා ක්ෂේත්‍ර‍ය ද ආවරණය වන පරිදි කෘෂිකාර්මික, කාර්මික සහ සේවා අංශවල නව රැකියා අවස්ථා 1,500,000 ක් උත්පාදනය කිරීම.

    ශ‍්‍රම බලකා සමීක්ෂණ දත්ත අනුව 2015 සැප්තැම්බර් සිට මේ දක්වා ආසන්න වශයෙන් 400,000ක් නව රැකියා අවස්ථා උත්පාදනය වී ඇත. එ් අනුව මෙම පොරොන්දුව 2020 දී ඉටුකිරීමට කි‍්‍රයාත්මක වෙමින් පවතින්නකි. කෙෙසේවෙතත්, කෘෂිකර්මය වැනි ප‍්‍රධාන කේෂ්ත‍්‍රවල ඇති කාලගුණික වෙනස්වීම් හේතුවෙන් මෙම ඉහළ යෑම අස්ථාවර මෙන්ම එහි ප‍්‍රතිලාභයන් උච්චාවචනය විය හැක.

    more
    On-track.si
  • මහ බැංකු බැඳුම්කර වංචාවට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීම සහ එම මුදල නැවත මහජන ප්‍ර‍තිලාභයක් බවට පත් කිරීම

    මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා මහ බැංකු බැඳුම්කර වංචාව විමර්ශණය කර වාර්තා කිරීම සඳහා කේ. ටී චිත‍්‍රසිරි සහ පී. එස්. ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරුවරුන් සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති කේ වේලූපිල්ලෙයි ගෙන් සමන්විත වන ජනාධිපති කොමිසමක් 2017 ජනවාරි 27 දින පත්කරන ලදී.

    more
    On-track.si

Subscribe for Manthri.lk

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.