over 8 years ago by Manthri.lk - Web Team under in විශ්ලේෂණ

 

 

ඡන්ද ප්‍ර‍තිඵල සම්බන්ධ අපූරු කරුණු 4ක්!

 

1.  පොදුජන එක්සත් පෙරමුණේ සියළු දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍ර‍තිශත පදනම පහත වැටී ඇත. 10%කට අඩුවෙන් එහි ඡන්ද ප්‍ර‍තිශතය පහළ බැස ඇති එකම දිස්ත්‍රික්කය හම්බන්තොට ය. දිස්ත්‍රික්ක 22න් 11කදීම එහි ප්‍ර‍තිශතය අඩු වී ඇත්තේ 20%කට වැඩියෙනි. 

 

2. එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ දෙවැනි වැඩිම නැග්ම (24%) පෙන්වන්නේ පොළොන්නරුවෙනි. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ බල කදවුරයි. 

 

3. ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යන දෙපක්ෂයේම ඉහළම ඡන්ද ප්‍ර‍තිශතමය වැටීම පෙන්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ය (2010 දී ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ජාතික පෙරමුණ ලබාගත් සංඛ්‍යාවෙන් -5% කි). එහෙත් එම පක්ෂ දෙකෙහිම නායකයින් තරග වැදුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. 

 

4. ඉලංගෙයි තමිල් අරසු කච්චි ඔවුන් තරග කළ දිස්ත්‍රික්ක පහේදීම සිය ඡන්ද ප්‍ර‍තිශත ඉහළ නංවාගෙන ඇත. - එයින් ද දිස්ත්‍රික්ක ත්‍රිත්වයකදී, එනම් යාපනය, වන්නි සහ මඩකලපුව දිස්ත්‍රික්කවලදී, එය 15%කට වැඩි ඉහළ නැගීමකි.