2018 අයවැයෙන් රුපියල් බිලියන 5.7 ප්රතිපාදනයක් වෙන් කොට තිබෙන ‘ක්‍රීඩා විෂය’ පිළිබඳ කමිටු අවස්ථාවේ විවාදය අද (නොවැම්බර් 23) දිනට යෙදී ඇත. 2015 සැප්. සිට 2017 සැප්. දක්වා අවරුදු 2ක් පුරා ‘ක්‍රීඩා විෂයට’ අදාල ව පාර්ලිමේන්තුව තුළ සිදු වූ ක්‍රියාකාරකම් වල සාරාංශයක් වන Manthri.lk හි මෙම ග්‍රැෆික් සටහන මඟින් පැහැදිලි ව පෙනෙන පරිදි ‘ක්‍රීඩා විෂය’ යටතේ විධි නියාමන 3ක් සහ පනත් 1ක් ඉදිරිපත් වී ඇත. කල් තැබීමේ විවාද හෝ නියෝග කිසිවක් සම්මත කරනු ලැබ නැත. ලිඛිත ප්‍රශ්න 23ක් ඉදිරිපත් වී ඇති අතර ‘ක්‍රීඩා විෂයට’ අදාල ව පාර්ලිමේන්තු සභා ගැබේ කටයුතු වලට දායකත්වයක් දුන් මත්රිවරුන් / ඇමතිවරුන් 32ක් අතරින්, පිළිවෙලින් 1, 2, 3, 4, 5 යන ස්ථාන වලට පත්ව ඇත්තේ අමාත්‍ය දයාසිරි ජයසේකර, පා.ම. බිමල් රත්නායක, පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ, පා.ම. ඥානමුත්තු ශ්‍රිනේෂන්, නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හරිස් යන මත්රිවරුන් / ඇමතිවරුන් ය.