over 6 years ago by Manthri.lk - Research Team under in ග්‍රැෆික්තොරතුරු සටහන්

2018 අයවැයෙන් රුපියල් බිලියන 5.6 ප‍්‍රතිපාදනයක් වෙන් කොට තිබෙන ‘විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ විෂය ’ පිළිබඳ කමිටු අවස්ථාවේ විවාදය අද (දෙසැම්බර් 08දිනට යෙදී ඇත. 2015 සැප්. සිට 2017 සැප්. දක්වා අවුරුදු 2ක් පුරා ‘විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ විෂයට ’ අදාල ව පාර්ලිමේන්තුව තුළ සිදු වූ ක‍්‍රියාකාරකම් වල සාරාංශයක් වන Manthri.lk හි මෙම ග‍්‍රැෆික් සටහන මඟින් පැහැදිලි ව පෙනෙන පරිදි ‘විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ විෂය’ යටතේ පනත්  2 ක්  පමණක් ඉදිරිපත් වී ඇත. කල් තැබීමේ විවාද පැවැත්වීම, විධි නියාමන   හා  නියෝග කිසිවක් සම්මත කරනු ලැබ නැත. ලිඛිත ප‍්‍රශ්න 3ක් ඉදිරිපත් වී ඇති අතර ‘විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ විෂයට’ අදාල ව පාර්ලිමේන්තු සභා ගැබේ කටයුතු වලට දායකත්වයක් දුන් මත‍්‍රිවරුන් / ඇමතිවරුන්  35ක් අතරින්පිළිවෙලින් 1, 2, 3, 4, 5 යන ස්ථාන වලට පත්ව ඇත්තේ විෂයභාර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, අමාත්‍ය පාඨලී චම්පික, පා.ම. අශුබෝධ මාරසිංහ, පා.ම. අජිත් මාන්නප්පෙරුම, පා.ම. ඥානමුත්තු ශ්‍රිනේෂන් යන මත‍්‍රිවරුන් / ඇමතිවරුන් ය.