almost 7 years ago by Manthri.lk - Research Team under in ග්‍රැෆික්තොරතුරු සටහන්

 

2018 අයවැයෙන් රුපියල් බිලියන 218.2 ප‍්‍රතිපාදනයක් වෙන් කොට තිබෙන ‘පලාත් සභා හා පලාත් පාලන විෂය‘ පිළිබඳ කමිටු අවස්ථාවේ විවාදය අද (දෙසැ.6) දිනට යෙදී ඇත. 2015 සැප්. සිට 2017 සැප්. දක්වා අවරුදු 2ක් පුරා ‘පලාත් සභා හා පලාත් පාලන විෂය‘ ට අදාල ව පාර්ලිමේන්තුව තුළ සිදු වූ ක්‍රියාකාරකම් වල සාරාංශයක් වන Manthri.lk හි මෙම ග‍්‍රැෆික් සටහන මඟින් පැහැදිලි ව පෙනෙන පරිදි ‘පලාත් සභා හා පලාත් පාලන විෂය‘  යටතේ පනත් 3 ක්, නි‍යෝග 2 ක් ඉදිරිපත් වී ඇති අතර කල් තැබීමේ විවාද 5 ක් පැවැත්වී ඇත. ලිඛිත ප‍්‍රශ්න 24 ක් ඉදිරිපත් වී ඇති අතර ‘පලාත් සභා හා පලාත් පාලන විෂය‘  ට  අදාල ව පාර්ලිමේන්තු සභා ගැබේ කටයුතු වලට දායකත්වයක් දුන් මත‍්‍රිවරුන් / ඇමතිවරුන්  109 ක් අතරින් පිළිවෙලින් 1, 2, 3, 4, 5 යන ස්ථාන වලට පත්ව ඇත්තේ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, පා.ම. ඩලස් අලහප්පෙරුම, පා.ම. චමින්ද විජේසිරි,  පා.ම. චාල්ස් නිර්මලනාදන්, පා.ම. බුද්ධික පතිරණ යන මත‍්‍රිවරුන් / ඇමතිවරුන් ය.