over 9 years ago by Manthri.lk - Web Team under in විශ්ලේෂණ

රොහාන් සමරජීව සහ සුජාතා ගමගේ විසිනි.

මෘදුකාංග සංකීර්ණ යඑහි එක් උපදෙස් මාලාවකින් වෙනත් උපදෙසක් පිළිබඳ ප්‍ර‍තිවිරෝධයක් ඇති විය හැකි අතර සමස්ථ පද්ධතියම බිඳ වැටී අපේක්ෂිත අරමුණට වඩා වෙනස් ආකාරයකට ක්‍රියාත්මක විය හැක. පරිගණක විද්‍යාව අනුව මෙම දුර්වල ප්‍ර‍තිඵලවලට හේතු වන්නේ ‘දෝෂ‘ හෙවත් ‘bugs‘ ය. දෝෂ වියැකීම හෙවත් Debugging යනු මෘදුකාංග සංවර්ධනයේදී හමුවන ප්‍ර‍මුඛ අංගයකි. මෘදුකාංග සඳහා විවෘත මූලාශ්‍ර (open source) එළඹුම හඳුන්වා දෙන ලද්දේ ලීනස් ටෝවල්ඩ්ස් විසිනි. ඔහු ලිනක්ස් (Linux) පද්ධතිය නිර්මාණය කොට එය ප්‍ර‍ජාව සඳහා විවෘත කරන ලද්දේ එහි මූලාශ්‍ර‍ කේතය ද සමගිනි. ඔවුන් දෝෂ විමසා ඒ සඳහාද පිළියම් යොදා තිබිණ. ඔහු එය භාවිතා කරන්නන් පද්ධතියේ සම-සංවර්ධකයින් බවට පත් කරනු ලැබිණ.  පිළිතුර ලෙස ලැබුණේ අඩු මිල, වේගවත් සහ හොඳින් ක්‍රියාත්මක මෘදුකාංග පද්ධතියකි.

අප විශ්වාස කරන්නේ, දින සියයේ වැඩ පිළිවෙලෙහි සාර්ථකත්වය උදෙසා ද විවෘත මූලාශ්‍ර‍ එළඹුමකට වඩා වෙනස් වැඩ පිළිවෙලක් නොමැති බව ය. එම එළඹුමක් නොමැති තැන මැතිවරණ ක්‍ර‍ම ප්‍ර‍තිශෝධනය යන්න තවමත් උපත ලබා නොමැති වූවක් වනු නොඅනුමාන ය.

මැතිවරණ ක්‍ර‍ම ප්‍ර‍තිශෝධන

පොදු අපේක්ෂකයා විසින් ජනාධිපතිවරණයේදී ජනතාව වෙත ඉදිරිපත් කරන ලද ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශනය බලාපොරොත්තු දල්වන සුළු වූ එකකි. නමුත්, එය බහුවිධ පක්ෂ සහ සහ සංවිධාන විසින් ඉදිරියට ගෙන ආ මෙන්ම ජනතාව ඡන්දය ලබා දුන් ප්‍ර‍කාශනයක් වීම ද වැදගත් ය. එය පූර්ණ ලෙස ක්‍රියාත්මක නොකළහොත් දේශපාලන ක්‍ර‍මය පිළිබඳ මහජන විශ්වාසය හෝ දේශපාලනඥයින්ගේ ප්‍ර‍කාශ පිළිගැනීමට ලක් වීම හෝ සිදු නොවනු ඇත. විශ්වාසය යළි ඇති නොවුවහොත්, ජනාධිපති සිරිසේන ඇති කරන්නට උත්සාහ දරණ නව දේශපාලන සංස්කෘතිය සඳහා තබා ගත හැක්කේ ක්ෂුද්‍ර බලාපොරොත්තුවක් පමණි.

පසුගිය ජනවාරියේදී, දින සියයේ වැඩපිළිවෙල යටතේ මැතිවරණ ක්‍ර‍මය ප්‍ර‍තිසංස්කරණය කිරීමේ පොරොන්දුවක් ලබාදීම ඉවත දැමීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන් කළෙමු. එය සංකීර්ණ කටයුත්තක් වූ අතර, විශාල සහ කුඩා සියලුම පක්ෂවල එකඟතාව ලබා ගත යුතුව පැවතිණ. නමුත් අප පුදුමයට පත් වූයේ, බොහෝ පක්ෂ සහ සංවිධානවල එකඟතාව මධ්‍යයේ විස්තරාත්මක මැතිවරණ ප්‍ර‍තිසංස්කරණ යෝජනාවක් දින සියයේ වැඩපිළිවෙල තුළට අන්තර්ගත කොට තිබුණු හෙයිනි. මෙහි ඇති සුවිශේෂ අවස්ථාව සහ අභියෝගය සැලකිල්ලට ගනිමින්, නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමෙහි ලා ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමය සඳහා අපගේ ප්‍ර‍මුඛ දායකත්වය විය යුත්තේ මැතිවරණ ප්‍ර‍තිසංස්කරණ බව අපි වටහා ගතිමු. 

මාර්තු මස 02 වැනි දින සර්ව පාක්ෂික කමිටුව මැතිවරණ ප්‍ර‍තිසංස්කරණ සඳහා වූ සිය වාර්තාව ඉදිරිපත් කිරීමට සූදානම් වන මොහොතේ අපි අපගේ ප්‍ර‍තිඵල කොළඹ නගරෝදය මධ්‍යස්ථානයේදී මතවාදී නායකයින් හමුවේ ඉදිරිපත් කළෙමු.  මෙවර, විවිධ පාර්ශවයන්ට අනුව දේශපාලන පක්ෂ යම් පීඩනයකට මුහුණ දී සිට ඇත. ප්‍ර‍මුඛතම කරුණ, ජනාධිපති රාජපක්ෂ පරදවන්නට එක් වූ සභාගය සඳහා ශක්තියක් වූ නායකත්වයක් ලබා දුන් ගරු මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ය. අනෙක් සාධකය නම්, ජනාධිපති බලතල වෙනස් කිරීම සහ මැතිවරණ ප්‍ර‍තිසංස්කරණ එක පෙළට සිදු කළ යුතු බවට ශ්‍රීලනිපයේ පැවති ස්ථාවරය ය. දේශපාලනඥයින්ට ආරාධනා කිරීම අපගේ මුල් උවමනාව නොවූ නමුත් දිනය ආසන්නවත්ම අපට එයට ක්‍රියාවට නැංවීම සඳහා ඉල්ලීම් ලැබී තිබිණ. පොරොන්දු වූ පරිදි, සර්ව පාක්ෂික කමිටුව වෙතින් නොවූවත්, මැතිවරණ ප්‍ර‍තිසංස්කරණ සඳහා යෝජනා මාර්තු මස දෙවැනි දින ඉදිරිපත් කරන ලදි.

ප්‍ර‍තිසංස්කරණ සඳහා ඇති තාර්කික බව

පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍ර‍තිසංස්කරණ ප්‍ර‍කාශනය තුළ සඳහන් වන්නේ “පවතින මැතිවරණ ක්‍ර‍මය දූෂණයට හා මැර ක්‍රියාවලට පොළඹවන ප්‍ර‍ධාන උල්පතකි. මනාප ක්‍ර‍මය නිසා මැතිවරණය සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට අපේක්ෂකයින් හට සිදු වේ“ යනුවෙනි. 2010 වසරේ  කළුතර දිස්ත්‍රික්කය (වර්ග කිලෝමීටර 1.576ක් තුළ විසිර සිටින 897,349ක ඡන්ද දායකයින් ප්‍ර‍මාණයක් සඳහා) තුළ සිය මැතිවරණ ප්‍ර‍චාරණ ව්‍යාපාරය සඳහා හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම රුපියල් ලක්ෂ 800ක් (මිලියන 80ක්) වැය කළ බව සඳහන් කිරීමෙන් මෙහි ඇති අර්බුදය පෙන්නුම් කරන දර්ශකයකි. 

 

 

 

දේශපාලනය එකතු වීමට කැමැත්ත ඇති මුත් ඒ සඳහා සිය පෞද්ගලික ධනය වැය කිරීමට ශක්තියක් නැත්තකුට වුව ඵලදායී ඡන්ද ප්‍ර‍චාරණ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැංවීම සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සිදුව ඇත. මෙම ක්‍ර‍මයේ අනිවාර්ය ඵලය නම් දූෂණයයි.

මෙම වර්තමාන ක්‍ර‍මය එකම පක්ෂයේ අපේක්ෂිතයින් අතර ද තියුණු ප්‍ර‍චණ්ඩත්වයක් නිර්මාණය කිරීමට පසුබිම සකසා ඇත. මනාප ඡන්ද ක්‍ර‍මයක් හඳුන්වා දෙමින් සමානුපාතික නියෝජන ක්‍ර‍මවිධිය වැඩි දියුණු කිරීමත් සමග පක්ෂ අභ්‍යන්තරයේ නායකයන් වෙත වූ අසාමාන්‍ය බලය සමතුලනය වී ප්‍ර‍ජාතාන්ත්‍රික බවක් නැගී ඇති බව දැකිය හැකි වුවත්, විශාල ධන හානියක් හා ප්‍ර‍චණ්ඩත්වයක් ඒ හා සමග නැගී විත් ඇත.

පරාමිතීන්

අප මෙහිදී අපගේ මග පෙන්වීම ලෙස ගත්තේ පොදු අපේක්ෂකයා විසින් භාවිතයට ගනු ලැබූ සුවිශේෂ භාෂා භාවිතයයි:

මම මෙය සපුරා වෙනස් කරමි. එහි පරමාර්ථය වන්නේ මනාප ක්‍ර‍මය අවසන් කිරීම හා සෑම මැතිවරණ කොට්ඨාසයකටම අනිවාර්යෙන්ම එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ සිටින බව සහතික වීමයි. මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී කේවල ආසන ක්‍ර‍මය හා පරාජිත අපේක්ෂකයින්ගේ සමානුපාත ඡන්දයේ සංකලනයක් වේ. මෙම යෝජනාව මගින් පාර්ලිමේන්තුවේ සංයුතිය සමස්ථයක් ලෙස වෙනස් නොවන බැවින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එකග කර ගැනීමට මා හට හැකි වනු ඇත. තවද, මෙහිදී අපේක්ෂකයින්ගේ මැතිවරණ ව්‍යාපාර එක් මැතිවරණ කොට්ඨාශයකට පමණක් සීමා වන බැවින් නාස්තිය හා ගැටුම් අවම කිරීමට හැකි වේ.“

 සන්සන්දනය සඳහා, 1996 වර්ෂයේ පටන් නවසීලන්තය තුළ භාවිතයට කැදවූ මිශ්‍ර‍ නියෝජිත සහභාගීත්ව ක්‍ර‍මයේ (MMR) නවසීලන්ත මොඩලය (NZ Model) අපි සාකච්ඡාවට ගනිමු.  ඉතා සංකීර්ණ ජර්මානු ක්‍ර‍මයේ සරල සහ වැඩි දියුණු කළ ක්‍ර‍මයක් වන මෙය, මනාප ක්‍ර‍මය මත පදනම් නොවූ, හොදම මහජන නියෝජන ක්‍ර‍මවේදයක් අතර පවතින්නකි. එය ආසන 120ක් වන පාර්ලිමෙන්තුවේ ආසන බෙදී යාමේ ප්‍ර‍තිශතය පිළිබඳ පරාවර්තකයක් ලෙස පෙනී යයි. ඇතැම් සුවිශේෂ අවස්ථාවල සුළු අතිරේක ආසන ප්‍ර‍මාණයක් ලබ දෙන්නේ පාර්ලිමේන්තුවේ ප්‍ර‍මාණය නම්‍යශීලීව පවත්වා ගනු පිණිස ය. මන්ත්‍රී ආසන 120න් 50ක් සෑදෙන්නේ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන ‘සෙසු පුද්ගලයින්ගේ නාම ලේඛණ‘ පදනම්ව ය.

(2012 අංක 22 දරණ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් ‘සෙසු පුද්ගලයින්ගේ නාම ලේඛණ‘ යන්න ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලද නමුත් දේශපාලනඥයින් අතර ජනප්‍රියත්වය දිනා නොගත්තේ ය. ඔවුන් දුරස්ථ දේශපාලනික ලොක්කන් විසින් සිය පළාත් පාලන ආයතන සඳහා ‘සෙසු පුද්ගලයින්‘ සියයට තිහක් තෝරා පත් කිරීම පිළිබඳ කැමැත්ත පළ කළේ නැත. පක්ෂයේ නොවන්නන් හමුවේ පක්ෂවල ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය දුර්වල වන හෙයින්ම ඡන්ද දායකයින් ඉක්මණින් වෙනස් වන සුළු වෙයි. සුවිශේෂ කරුණ නම්, ගරු දිනේෂ් ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් රැස් වුණු තේරීම් කාරක සභාව, ඡන්ද කොට්ඨාශය ජයග්‍ර‍හණය කළ අපේක්ෂකයාට ඡන්දය ප්‍ර‍කාශ නොකළ අය ද ඇතුළු සියලුම ඡන්දදායකයින්ට ඇගයීමක් හිමිවෙන වෙනත් නිර්දේශ ඉදිරිපත් කිරීමයි.

විකල්ප විශ්ලේෂණය

තේරීම් කාරක සභාව යෝජනා කළේ කේවල ක්‍ර‍මය (FPP) මත පදනම්ව ආසන 140ක් තීරණය විය යුතු බව සහ සියයට පහකට වඩා ඡන්ද ලබාගත් පක්ෂවල, භාවිතයට නොගත් සහ ඉතිරි ඡන්ද මත පදනම්ව ඉතිරි ආසන 70 තීරණය කළ යුතු බවයි.  ආසන පහළවක් පක්ෂයන්හි ‘ජාතික ලැයිස්තු‘ පදනමින් බෙදා දිය යුතු බවයි.

මෙහිදී 2000, 2001, 2004 සහ 2010 ඡන්ද ප්‍ර‍තිඵල සඳහා නවසීලන්ත මොඩලය සහ තේරීම් කාරක සභා මොඩලයේ යෙදවුම් 3ක් යොදා අපි විමසා බලමු.

නවසීලන්ත මොඩලය කිසි විටක තනි පක්ෂ ආණ්ඩුවක් එරටට උත්පාදනය කර දුන්නේ නැත. මෙම තත්වය ශ්‍රී ලංකාව හමුවේ ද බොහෝ දුරට සමාන වූ අතර පූර්ණ ලෙස විපක්ෂයේ රැදී නොසිට ප්‍ර‍ධාන පක්ෂ සමග සභාග සැදීමට කුඩා පක්ෂවලට ඉඩ සැලසූ අතර ප්‍ර‍ධාන පක්ෂවලට ඔවුන් සමග සන්ධානගත වීමට පසුබිම සැකසී ය. අපගේ විමර්ෂණය පෙන්වා දුන්නේ ජයග්‍ර‍හණය ලබන පක්ෂය 2000 වර්ෂයේදී ආසන 102ක් ද, 2001 දී ආසන 103ක් ද, 2004 දී ආසන 103ක් ද සහ 2010 දී, අසමාන වර්ෂයක් පෙන්වමින්, ආසන 136ක් ද වශයෙන් දිනා ගන්නා බව ය.  නවසීලන්ත බලය දේශපාලන පක්ෂ සඳහා සැළකිය යුතු මට්ටමක බලයක් ලබා දෙන ලදි. එය පරාජිත අපේක්ෂකයන් හෝ ‘හොදම පරාජිතයින්‘ සඳහා අවකාශ සළසා දුන්නේ නැත. පාර්ලිමේන්තුව තුළ නිශ්චිත ආසන සංඛ්‍යාවක් ස්ථිර කළේ ද නැත.   

තේරීම් කාරක සභා මොඩලයේ පළමු යෙදවුම (SC1) කේවල ඡන්ද ක්‍ර‍මය මත ආසන 125ක් සඳහා ඉලක්ක වන අතර සෙසු ආසන 75ක් අවශේෂ ඡන්දවලට සහ ආසන 25ක් ජාතික ලැයිස්තුව පදනම් ව වශයෙන් බෙදී යයි.  මැතිවරණ කොට්ඨාස 125 සීමා නිර්ණය විශාල කොට්ඨාස ලබා දෙනු ඇත. මෙය නුවරඑළිය-මස්කෙලිය සහ මැද කොළඹ වැනි බහු වාර්ගික පදනම් සහිත ප්‍රදේශ (1977ට පෙර බහු ආසන ලෙස පැවති) සඳහා අමතර නීති සම්පාදනය කිරීමට හේතු වනු ඇත. මෙය අවශේෂ කණ්ඩායම යන්නට පදනම්ව ‘හොදම පරාජිතයින්ට වෙත ආසන පිරි නැමීම සඳහා අවකාශයක් නිර්මාණය කරයි. මෙහිදී පොදු අපේක්ෂකයා විසින් නගනු ලැබූ සියලු පදනම් මුණ ගැසෙයි. සුළු පක්ෂවලට පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීමට වරම් හිමිවන්නේ, අඩු වැඩි වශයෙන් ඔවුන් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව ය. 2010 පශ්චාත් යුධ මැතිවරණය වැනි අසාමාන්‍ය අවස්ථාවලදී වුව තනි පක්ෂවලින් සැදූ රජයන් නිර්මාණය වීමට ඇති ඉඩ අවම ය. ජාතික ලැයිස්තුව සඳහා මන්ත්‍රී ආසන වෙන් කිරීම වත්මන් භාවිතයට වඩා විශාල වෙනසක් නොපෙන්වනු ඇති අතර “සාමාජිකයින් එක් අයෙකුට වැඩි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කරන සියළු පක්ෂ අවම වශයෙන් එක් කාන්තාවක හෝ සිය ලැයිස්තුවට නම් කළ යුතු ය“ වැනි නීතියක් ඊට එක් කළ හැක.

දෙවන යෙදවුම (SC2) තේරීම් කාරක සභාවේ නිර්දේශයයි.  කේවල ක්‍ර‍මය මත පදනම්ව ආසන 140ක්, අවශේෂ ඡන්දවලට ආසන 70ක් සහ ජාතික ලැයිස්තුවට 15ක් වශයෙනි. ඡන්දදායකයින් ලක්ෂයකට ආසන්න ප්‍ර‍මාණයක් මත පදනම් වන ඡන්ද කොට්ඨාස විශාල ඒකක වනු ඇති මුත් SC1වලට වඩා කුඩා වනු ඇත. හාරිස්පත්තුව සහ පොතුවිල් වැනි බහුවාර්ගික නියෝජනයක් ඇති ප්‍රදේශවලට අමතර නීතියක් මෙහිදී අවශ්‍ය වීමට ඉඩ ඇත. මෙය ඉතිරි කණ්ඩායමට වෙන් වූ ආසන මත පදනම්ව සිදු කළ හැක. මෙහිදී ද පොදු අපේක්ෂකයා ඉදිරිපත් කළ සියලු පදනම් මුණගැසෙනු ඇත.  සුළු පක්ෂවලට අඩු වැඩි වශයෙන් ඔවුන් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමිවනු ඇත. තනි පක්ෂ ආණ්ඩු බිහි වීමේ විශාල ඉඩක් ඇති මුත් ජයග්‍රාහකයාට හිමි වනු ඇත්තේ සුළු වැඩි ආසන ගණනකි ( 2000 දී 113ට එක් ආසනයක් ද, 2001 දී දෙකක්ද, 2004 දී බහුතරයක් නොමැතිව ද සහ 2010 දී ආසන විස්සක් ද වශයෙන්).  වර්තමාන ජාතික ලැයිස්තුවෙන් අර්ධයකට සීමා කෙරෙන ජාතික ලැයිස්තුව කාන්තාවන්ට සහ විද්වතුන්ට ප්‍ර‍මාණවත් අවස්ථාවක් සපුරා දීමට අවකාශ නොසපයනු ඇත.

 

තේරීම් කාරක සභාවේ තුන්වන මොඩලය (SC3) ක්‍රියාවට නැංවීම සඳහා සීමා නිර්ණ කොමිසමක් මගින් වර්තමාන ඡන්ද කොට්ඨාස ප්‍ර‍මාණය ඡන්ද කොට්ඨාස 160ක් සහ සමාන ඡන්ද අපේක්ෂකයින් ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය වේ. අවශේෂ ඡන්ද පදනම්ව ආසන 60ක් ද  කුඩා පක්ෂ සඳහා ආසන 5ක් ද වෙන් කෙරෙනු ඇත. ජාතික ලැයිස්තුව ඉවත් කෙරේ. සීමා නිර්ණය කුඩා කොට්ඨාස සාදනු ඇත.පොදු අපේක්ෂක ක්‍ර‍මවේදය ද සපුරාලනු ඇත.  කේවල ඡන්ද පදනම ඉහළ නැංවීම කුඩා පක්ෂවලට අවාසිසහගත වනු ඇත. ආසන 5ක් වෙන් කර තිබීමට අමතරව හකීම්-මුත්තු සිවලිංගම් යෝජනා තේරීම් කාරක සභාවට එක් කරගැනීම මගින් ගැටළුව යම් පමණකට විසදාගත හැකි වනු ඇත. අවසන් ඵලය ලෙස ලැබෙනුයේ තනි-පක්ෂ ආණ්ඩුවකි (බහුතරය, 2000 දී 6ක් ලෙස ද, 2001 දී 7ක් ලෙස ද, ඉතා තියුණු 2004 මැතිවරණයේ වුව 3ක් ලෙස ද සහ 2010 දී 27ක් ලෙස ද වශයෙන්). ජාතික ලැයිස්තුව අහිමි වීම හේතුවෙන් කාන්තාවන් හා විද්වතුන් සඳහා නියෝජනයක් ලබා ගැනීම අභියෝගයක් වනු ඇත.

දත්ත පත්‍රිකා සහ ක්‍ර‍මවේදය Manthri.lk (මෙතැනින් පිවිසෙන්න) වෙබ් අඩවියෙහි අන්තර්ගත වන අතර ඒ පිළිබඳ උනන්දුවක් ඇති අයට ප්‍ර‍තිඵල විමසා බැලීමට හෝ ස්වකීය පදනම් සහ විසදුම් යෝජනා කිරීමට හෝ හැකි ය. ශක්‍යතාවක් ඇති පුරවැසියන්ට, අපගේ විසදුම් යෝජනාවල යම් දුර්වලතාවක් වේ නම් ඒ ඉවත් කරමින් අපගේ ජනතාව සඳහා වඩා යහපත් සහ මෙරට තත්වයන්ට වඩාත් හොඳින් ගැලපෙන මැතිවරණ ක්‍ර‍මයක් නිපදවීම පිණිස දායක වීමට හැකි බව අපට විශ්වාස ය.   

 

ට්විටර් ගිණුම හරහා මෙහි කතුවරුන් වන මහාචාර්ය රොහාන් සමරජීව @samarajiva සහ ආචාර්ය සුජාතා ගමගේ @sujatagamage සමග ඔබට සම්බන්ධ විය හැක.