over 6 years ago by Manthri.lk - Research Team under in ග්‍රැෆික්තොරතුරු සටහන්

 

 

2018 අයවැයෙන් රුපියල් බිලියන 11.1 ක ප්‍ර‍තිපාදනයක් වෙන් කොට තිබෙන ‘අධිකරණ විෂය‘ පිළිබඳ කමිටු අවස්ථාවේ විවාදය අද (නොවැම්බර් 20) දිනට යෙදී තිබේ. 2015 සැප්. - 2017 සැප්. අවුරුදු 2 පුරා ‘අධිකරණ විෂය‘ට අදාළ ව පාර්ලිමේන්තුව තුළ සිදු වූ ක්‍රියාකාරකම් වල සාරාංශයක් වන Manthri.lk හි මෙම ග්‍රැෆික් සටහන මඟින් පැහැදිලිව පෙනෙන පරිදි, ‘අධිකරණ විෂය‘ යටතේ පනත් 4 ක් සහ නියෝග 2 ක් සම්මත වී ඇත. ලිඛිත ප්‍ර‍ශ්න 34 ක් ඉදිරිපත් වී ඇති අතර, විෂය ට අදාළ ව පාර්ලිමේන්තු සභාගැබේ කටයුතු වලට දායකත්වයක් දුන් මන්ත්‍රීවරුන්/ඇමතිවරුන් 70 ක් අතරින්, පිළිවෙලින් 1,2,3,4,5 වැනි ස්ථාන වලට පත්ව ඇත්තේ, හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ, අනුර කුමාර දිසානායක, අමාත්‍ය සාගල රත්නායක, මහින්දානන්ද අලුත්ගමගේ, උදය ශාන්ත ගුණසේකර යන මන්ත්‍රීවරුන්/ඇමතිවරුන් ය.