over 6 years ago by Manthri.lk - Research Team under in ග්‍රැෆික්තොරතුරු සටහන්

 

 

2018 අයවැයෙන් රුපියල් බිලියන 178.4 ප‍්‍රතිපාදනයක් වෙන් කොට තිබෙන ‘සෞඛ්‍ය විෂය‘ පිළිබඳ කමිටු අවස්ථාවේ විවාදය අද (දෙසැම්බර් 4) දිනට යෙදී තිබේ. 2015 සැප්. සිට 2017 සැප්. දක්වා අවරුදු 2ක් පුරා ‘සෞඛ්‍ය විෂය‘ අදාල ව පාර්ලිමේන්තුව තුළ සිදු වූ ක්‍රියාකාරකම් වල සාරාංශයක් වන Manthri.lk හි මෙම ග‍්‍රැෆික් සටහන මඟින් පැහැදිලි ව පෙනෙන පරිදි ‘සෞඛ්‍ය විෂය‘ යටතේ පනත් 2ක්, නියෝග 1 ක්, විධි නියාමන 2 ක්, ඉදිරිපත් වී ඇති අතර කල් තැබීමේ විවාද 3 ක් පැවැත්වී ඇත. ලිඛිත ප‍්‍රශ්න 47 ක් ඉදිරිපත් වී ඇති අතර ‘සෞඛ්‍ය විෂය‘ ට  අදාල ව පාර්ලිමේන්තු සභා ගැබේ කටයුතු වලට දායකත්වයක් දුන් මත‍්‍රිවරුන් / ඇමතිවරුන්  96ක් අතරින් පිළිවෙලින් 1, 2, 3, 4, 5 යන ස්ථාන වලට පත්ව ඇත්තේ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, පා.ම. වෛද්‍ය නලින්ද ජයතිස්ස, පා.ම. මොහොමඞ් කාසිම්,  පා.ම. බුද්ධික පතිරණ , පා.ම. මහාචාර්ය අශුබෝධ මාරසිංහ යන මත‍්‍රිවරුන් / ඇමතිවරුන් ය.