about 7 years ago by Manthri.lk - Research Team under in ග්‍රැෆික්තොරතුරු සටහන්

 

 

2018 අයවැයෙන් රුපියල් බිලියන 102.8 ප‍්‍රතිපාදනයක් වෙන් කොට තිබෙන ‘අධ්‍යාපන  විෂය’ පිළිබඳ කමිටු අවස්ථාවේ විවාදය අද (නොවැම්බර් 23) දිනට යෙදී ඇත. 2015 සැප්. සිට 2017 සැප්. දක්වා අවරුදු 2ක් පුරා ‘අධ්‍යාපන විෂයට’ අදාල ව පාර්ලිමේන්තුව තුළ සිදු වූ ක‍්‍රියාකාරකම් වල සාරාංශයක් වන Manthri.lk හි මෙම ග‍්‍රැෆික් සටහන මඟින් පැහැදිලි ව පෙනෙන පරිදි ‘අධ්‍යාපන විෂය’ යටතේ පනත්, නියෝග, විධි නියාමන කිසිවක් ඉදිරිපත් වී නැති අතර කල් තැබීමේ විවාද 9 ක් පැවැත්වී ඇත. ලිඛිත ප‍්‍රශ්න 71ක් ඉදිරිපත් වී ඇති අතර ‘අධ්‍යාපන  විෂයට’ අදාල ව පාර්ලිමේන්තු සභා ගැබේ කටයුතු වලට දායකත්වයක් දුන් මත‍්‍රිවරුන් / ඇමතිවරුන්  92ක් අතරින් පිළිවෙලින් 1, 2, 3, 4, 5 යන ස්ථාන වලට පත්ව ඇත්තේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, පා.ම. නලින්ද ජයතිස්ස, පා.ම.බිමල් රත්නායක ,  රාජ්‍ය අමාත්‍ය  රාධාක්‍රිෂානන් වේලුසාමිපා.ම. නිහාල් ගලප්පත්ති යන මත‍්‍රිවරුන් / ඇමතිවරුන් ය.