සෑම මුදල් වර්ෂයක් සඳහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන විසර්ජන පනත් කෙටුම්පත ‘අයවැය’ යනුවෙන් හැදින්වේ. මෙය සාමාන්‍ය මුදල් පනතකට වඩා විශේෂ වන අතර එය පවත්නා ආණ්ඩුවේ මුල්‍ය ප්‍රතිපත්තියද වේ.
- විසර්ජන පනත පළමුවන වර කියවීම, දෙවන වර කියවීම, තුන්වන වර කියවීම යන පියවර තුන අනුව විවාදයට ගැනේ. දෙවනවර කියවීම සහ තුන්වන වර කියවීම අවසානයේ ඡන්ද විමසීම් 02 ක් පැවැත්වෙන අතර අවසන් ඡන්ද විමසීමෙන් පසු අයවැය සම්මත වීම හෝ නොවීම කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබේ. ඉන් පසුව ඊට කතානායකවරයාගේ අත්සන යොදා සහතික කිරීමෙන් පසුව ‘නීතිය’ බවට පත්වේ. අයවැය කතාව මෙවර පැවැත්වුයේ මාර්තු මස 5 වැනිදාය එ අනුව දෙවන වර කියවීමේ විවාදය මාර්තු 6 වැනිදා ආරම්භ වූ අතර එම ඡන්ද විමසීම සිදු කෙරුනේ 12 වෙනිදාය.
- ‘දෙවන වර කියවීම’ සාමන්‍යයෙන් ‘අයවැය කතාව’ යනුවෙන් හැදින්වෙන අතර එය සභාගත කරණු ලබන්නේ මුදල් අමාත්‍යවරයා විසිනි. දෙවන වර කියවීමෙන් පසුව පැවැත්වෙන විවාද අවස්ථාව දින 07ක් පමණ කාලයක් පුරා පැවැත්වෙන අතර එහිදී අමාත්‍යංශ වැය ශිර්ෂ යටතේ ආණ්ඩුවේ වියදම් ඇස්තමේන්තු පිළිබඳවත්, බදු,තීරු බදු, අය බදු වැනි ආදායම් ඇස්තමේන්තු පිළිබඳවත් විවාදයට ගනු ලැබේ.
- ‘තුන්වන වර කියවීම’ සාමාන්‍යයෙන් ‘කාරකසභා අවස්ථාව’ යනුවෙන් හැඳින්වේ. මෙහිදී පුර්ණ පාර්ලිමේන්තුවම කාරකසභාව බවට පත්වන අතර දින 20 ක උපරිමයකට යටත් වන කාල සීමාවක් තුලදී විසර්ජන පනතේ සියලුම වගන්ති කියවමින් ඊට අදාල සංශෝධන ඉදිරිපත් කිරීම හා ඒවා සම්මත කිරීම සිදුකරනු ලබයි. මෙවර අයවැය තුන්වන වර කියවීමේ විවාදය මාර්තු 13 වැනිදා ආරම්භ වන අතර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ අප්‍රේල් 5 වැනිදාය.
- ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රධානතම මුදල් පනත වන විසර්ජන පනත් කෙටුම්පතට අදාලව පැවැත්වෙන විවාදයේදී සාමාන්‍යයෙන් වැඩි කාලයක් ලැබෙන්නේ විපක්ෂයටයි. මෙය ආණ්ඩුවේ වියදම් හා ආදායම් පරික්ෂාවට ව්‍යවස්තාදයකට තිබෙන බලයට අනුකුලතාවය දැක්වීමකි.
- යම්හෙයකින් අවසන් ඡන්ද විමසීමේදී බහුතර කැමැත්තෙන් අයවැය සම්මත නොවුනහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තිය ප්‍රකාරව අමාත්‍යමණ්ඩලය විසිරෙනු ඇත. අයවැය බහුතර කැමැත්තෙන් සම්මත වුවහොත් එය ඉදිරි මුදල් වර්ෂයට අදාලව ආණ්ඩුව ස්ථාවර වීමක්ද වන අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සාම්ප්‍රදායික අයවැය භෝජන සංග්‍රහය බුක්තිවිදීමෙන් පසුව සභාවෙන් විසිර යනු ඇත.