over 6 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

දුන් පොරොන්දු වලින් 29% ක් තවමත් ඉටු වී නැහැ...

 

2015 ජනවාරි 8 පැවැති, ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ, ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්, ‘දින 100 ක් තුළ දී කරන්නට පොරොන්දු වු වැඩ ලැයිස්තුව‘ දෙස නැවත හැරී බලන්නට හොඳම දවස අදයි... අද 2018 ජනවාරි 8 යි...

Manthri.lk මඟින් දියත් කරන ලද ‘දින සියයේ පොරොන්දු ලුහුබඳිනයෙහි, එනම් මෛත්‍රීමීටරයෙහි‘ දැක්වෙන ආකාරයට, එමඟින් ලුහුබැඳෙන පොරොන්දු 25 න් ජාතික විගණන පනත සම්මත කොට ක්‍රියාවට නැංවීම සහ මහජන නියෝජිතයින්ගේ ආචාරධර්ම සංග්‍ර‍හය නීතිගත කිරීම යන ප්‍ර‍ධාන පොරොන්දු දෙක හැරුණු කොට දූෂණ කොමිසම පිහිටුවීම, ජාතික ඖෂධ ප්‍ර‍තිපත්තිය හඳුන්වාදීම, ස්වාධීන කොමිෂන් සභා ප්‍ර‍තිෂ්ඨාපනය, තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම, නව මැතිවරණ ක්‍ර‍මය හඳුන්වාදීම සහ නව ව්‍යවස්ථාව සකස් කිරීමට අදාළ කාර්යයන් සඳහා ව්‍යවස්ථා සභාව පත් කිරීම වැනි ප්‍ර‍ගතිශීලී පොරොන්දු ගණනාවක් ම ඉටු කර ඇති බව පෙනේ.

ඇතැම් පොරොන්දු ඉටු කර අවසන් නැති නමුත්, ඒවා ඉටු කිරීමේ මාවතට ප්‍ර‍විෂ්ට වී ඇති බව දැක ගත හැකි අතර, එම කාණ්ඩයට වැටෙන පොරොන්දු ගණන 6 කි.

වැඩිදුර විස්තර දැනගැනීමට මෛත්‍රීමීටරය වෙත පිවිසෙන්න.