about 8 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

 

පාර්ලිමේන්තු සබාගැබේදී අගමැතිවරයාගෙන් කෙළින් ප්‍රශ්න විමසීම මන්ත්‍රීවරුන්ට අවස්ථාව සලස්වමින්, ‘අගමැතිවරයා වෙත යොමු කරන ප්‍රශ්න යනුවෙන්, නව පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ආරම්භ කිරීමට වත්මන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු වී ඇත.

එක්තරා දුරකට ලිඛිත ප්‍රශ්න අවස්ථාව වැනි වූ විශේෂාංගයක් වන මෙහි විශේෂත්වය වන්නේ, මන්ත්‍රීවරුන්ට සෘජුව අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමේ ඉඩ කඩ ලැබීමයි. මෙය බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් වන අතර, ශ්‍රී ලංකාවේ වත්මන් පාර්ලිමේන්තුවට මෙම ක්‍රමය නිර්දේශ කර ඇත්තේ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව ගත් තීරණයක් සභාගැබේ අවධානයට ලක් කිරීමෙන් අනතුරුව .

මෙකී නව ක්‍රමය අනුව සෑම මසකම පළමු බදාදාවේ පාර්ලිමේන්තු සැසියට මෙම විශේෂාංගය ඇතුළත් කර තිබෙන අතර, ඊට කළින් දින, එනම් අඟහරුවාදා වන විට අදාළ ප්‍රශ්නය යොමු කර තිබිය යුතු . එක් අවස්ථාවක දී ප්‍රශ්න 4 ක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන අතර, අදාළ ප්‍රශ්න වලට අගමැතිවරයා විසින් වාචික පිළිතුරු ලබාදීම මෙහි දී සිදුවේ. අතුරු ප්‍රශ්න 3 ක් ඇසීමේ අවස්ථාවක් ලැබෙන අතර ඒවාට අගමැතිවරයා විසින් පිළිතුරු ලබා දිය යුතු .

පාර්ලිමේන්තු රැස්වීම් පැවැති, ඉකුත් පෙබරවාරි 10 වැනිදා මෙම ක්‍රමය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී මුල්වරට ක්‍රියාත්මක කරනු ලැබූ අතර එහිදී අගමැතිවරයා වෙත ඉදිරිපත් වූ මුල් ප්‍රශ්නය වූයේ, රටේ තරුණ පරම්පරාව ආර්ථික සංවර්ධනයට සහභාගී කරවාගැනීමේ ජාතික ප්‍රතිපත්තිය කුමක් යන්නයි. මෙම ප්‍රශ්නය යොමු කරන ලද්දේ මහාචාර්ය ආශු මාරසිංහ .

මීට අමතරව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින්, ගෙවුම් ශේෂ අර්බුදය සහ රටේ ආර්ථික ස්ථායිතාව ගැනත්, අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා විසින්, ලෝක ආර්ථික සමුළුවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිලාභ ගැනත්, සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව යානා මිළදී ගැනීම් ගැනත්ප්‍රශ්න කරනු ලැබීය.