almost 9 years ago by Surekha Samarasena under in ஆய்வறிக்கை

අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් හා ඉහළ අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ රැකියා වියුක්තිය සා.පෙළ මට්ටමට උගත් හෝ ඊටත් වඩා අඩු අධ්‍යාපන මට්ටම් වල අයට වඩා වැඩි වී ඇත. මෙම තොරතුරු අනාවරණය වූයේ, ඉකුත් අප්‍රේල් 8 වැනිදා පා.ම. තිස්ස කරල්ලියද්ද මහතා විසින් සේවා වියුක්ති අනුපාත සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පිළිතුරු සපයන අතරතුර ය.

2013 ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණය අනුව පිළිවෙලින් සා.පෙළ ට අඩු අධ්‍යාපන මට්ටම : සා.පෙළ සමත් මට්ටම : සා.පෙළ හා ඉහළට උගත් මට්ටම යන අනුපාත 2.7%  : 5.9 % : 8.6 % වේ.

මේ අතර ඉහත ප්‍රශ්නයට අදාළව ලැබුණු පිළිතුරු මගින්, කාන්තාවන් අතර රැකියා වියුක්තිය හැම විට ම වැඩි බව ත්, විශේෂයෙන් අ.පො.ස. සා.පෙළ සමත් හා ඉහළ අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති කාන්තාවන්ගේ රැකියා වියුක්තිය ඉතාම ඉහළ බව ත් පෙනෙන්නට තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 11.6% කි.

(මූලාශ්‍රය - 2015 අප්‍රේල් 8 හැන්සාඩ් වාර්තාව / පිටු අංක 9, 10)