over 6 years ago by Manthri.lk - Research Team under in ග්‍රැෆික්තොරතුරු සටහන්

2018 අයවැයෙන් රුපියල් බිලියන 5.8 ප‍්‍රතිපාදනයක් වෙන් කොට තිබෙන ‘ආපදා කළමනාකරණ  විෂය’ පිළිබඳ කමිටු අවස්ථාවේ විවාදය අද (නොවැම්බර් 28දිනට යෙදී ඇත. 2015 සැප්. සිට 2017 සැප්. දක්වා අවරුදු 2ක් පුරා ‘ආපදා කළමනාකරණ  විෂය’ අදාල ව පාර්ලිමේන්තුව තුළ සිදු වූ ක‍්‍රියාකාරකම් වල සාරාංශයක් වන Manthri.lk හි මෙම ග‍්‍රැෆික් සටහන මඟින් පැහැදිලි ව පෙනෙන පරිදි ‘ආපදා කළමනාකරණ  විෂය’ යටතේ පනත්, නියෝග, විධි නියාමන කිසිවක් ඉදිරිපත් වී නැති අතර කල් තැබීමේ විවාද5 ක් පැවැත්වී ඇත. ලිඛිත ප‍්‍රශ්න 16 ක් ඉදිරිපත් වී ඇති අතර ‘ආපදා කළමනාකරණ  විෂය’  අදාල ව පාර්ලිමේන්තු සභා ගැබේ කටයුතු වලට දායකත්වයක් දුන් මත‍්‍රිවරුන් / ඇමතිවරුන්  122ක් අතරින් පිළිවෙලින් 1, 2, 3, 4, 5 යන ස්ථාන වලට පත්ව ඇත්තේ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය වජිර අබේවර්ධන, පා.ම.අනුර කුමාර දිසානායක ,  පා.ම.විජිත හේරත් පා.ම. එස්.එම්.මරික්කාර් යන මත‍්‍රිවරුන් / ඇමතිවරුන් ය.